constable-gutika-hospitalized-after-sneaking-into-a-house-and-molesting-a-girl

 දෙහිවල ප්‍රදේශයේ නිවසකට හොර රහසේ ඇතුළු වී බාලවයස්කාර දැරියකට ලිංගික අතවර කිරීමට උත්සාහ කළ බවට චෝදනා එල්ල වූ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 



පෙරේදා (20) අලුයම 2.30ට පමණ මෙම කොස්තාපල්වරයා නිවසෙහි ඉදිරිපස දොරින් ඇතුළු වී ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත. එහි නිදා සිටි 13 හැවිරිදි දැරියට අතවර කිරීමට උත්සාහ කිරීමේදී, දැරියගේ කෑගැසීමත් සමඟ අවදි වූ නිවැසියන් විසින් සැකකරු අල්ලාගෙන පොලීසියට දැනුම් දී තිබේ.



ස්ථානයට පැමිණි දෙහිවල පොලීසියේ ජංගම සංචාරක ඒකකයේ නිලධාරීන් විසින් සැකකරු හඳුනාගෙන ඇති අතර, ඔහු බස්නාහිර පළාත් රථවාහන කොට්ඨාසයට අනුයුක්තව විශේෂ රාජකාරි සඳහා දෙහිවල පොලීසියේ සේවය කළ නිලධාරියෙකු බව තහවුරු වී ඇත.

නිවැසියන්ගේ පහරකෑමෙන් තුවාල ලබා සිටි කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් දෙහිවල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.