ජනප්‍රිය වැඩිහිටි චිත්‍රපට නිළියක වූ කයිලි පේජ්, හදිසියේ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඇය මත්ද්‍රව්‍ය අධිමාත්‍රාවක් ගැනීමෙන් මියගොස් ඇති බවට සැක පළ කෙරේ. මියයන විට 28 හැවිරිදි වියේ පසුවූ ඇය, සිය ලොස් ඇන්ජලීස් නිවසේදී ජීවිතක්ෂයට පත්ව සිටියදී සොයාගෙන ඇත.
කයිලි පයිලන්ට් යන සැබෑ නමින් හැඳින්වෙන ඇය කයිලි පේජ් නමින් ප්‍රසිද්ධියට පත්ව සිටියාය. ඇය පිළිබඳව තොරතුරක් නොමැති වීමෙන් කනස්සල්ලට පත් මිතුරෙකු විසින් බලධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව,
පසුගිය ජූනි 25 වන දා ඇගේ මළසිරුර සොයාගෙන තිබේ. හදිසි සේවා අංශ එම ස්ථානයට ළඟා වන විටත් ඇය මියගොස් සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සිද්ධිය වූ ස්ථානයේ පරීක්ෂා කිරීමේදී, ප්‍රබල මත්ද්‍රව්‍යයක් වන ෆෙන්ටනිල් සහ මත්ද්‍රව්‍ය භාවිතයට ගන්නා උපකරණ පොලීසිය විසින් සොයාගෙන ඇත. මෙය මත්ද්‍රව්‍ය අධිමාත්‍රාවක් ගැනීමෙන් සිදුවූ මරණයක් බවට නීතිය ක්‍රියාත්මක කරන අංශ සැක පළ කරන අතර, අපරාධයක් සිදුවී ඇති බවට මෙතෙක් සාක්ෂි ලැබී නොමැත. කෙසේ වෙතත්, මරණයට නිශ්චිත හේතුව තහවුරු කිරීම සඳහා වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙන බව ලොස් ඇන්ජලීස් වෛද්‍ය පරීක්ෂක කාර්යාලය සඳහන් කරයි.
කයිලි පේජ්, Vixen Media සහ Brazzers වැනි ප්‍රකට නිෂ්පාදන ආයතන සමඟ කටයුතු කරමින් වැඩිහිටි චිත්‍රපට ක්ෂේත්‍රයේ ඉහළ ජනප්‍රියත්වයක් හිමි කරගෙන සිටියාය. මීට අමතරව, ඇය නෙට්ෆ්ලික්ස් හි විකාශය වූ ‘Hot Girls Wanted: Turned On’ නම් වාර්තාමය කතා මාලාවට පෙනී සිටීමත් සමඟ පුළුල් කතාබහට ලක්විය. එම වැඩසටහනේදී ඇය සිය පෞද්ගලික ජීවිතයේ අරගල සහ මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳව විවෘතව අදහස් දැක්වූවාය.
ඇයගේ හදිසි අභාවය පිළිබඳව කම්පනය පළ කර ඇති Brazzers සමාගම, ඇයගේ කරුණාවන්තකම සහ සිනහව සදා සිහිපත් කරන බවට නිවේදනයක් නිකුත් කර තිබේ. මේ අතර, ඇයගේ දේහය උපන් ගම වෙත ගෙන ඒම සහ අවමංගල්‍ය කටයුතු සඳහා වන වියදම් පියවා ගැනීමට ඇගේ පවුලේ සාමාජිකයින් විසින් GoFundMe අරමුදලක් ද ආරම්භ කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval