මෝටර් රථ සඳහා මූල්‍ය පහසුකම් ලබා දීමේදී බලපත්‍රලාභී බැංකු සහ මූල්‍ය සමාගම් විසින් අනුගමනය කළ යුතු ක්‍රමවේද යාවත්කාලීන කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ (17) නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ. මෙමගින් 2018 වසරේදී හඳුන්වා දුන් නීතිරීති සංශෝධනයට ලක් කර ඇත.
මෙම නව නියමයන් යටතේ, වාහන සඳහා බලශක්ති ප්‍රභවය (ඉලෙක්ට්‍රික්, හයිබ්‍රිඩ් හෝ වෙනත්) මත පදනම්ව පැවති වර්ගීකරණය ඉවත් කර තිබීම විශේෂත්වයකි. ඒ අනුව වාහනයේ වටිනාකමින් ලබා දිය හැකි උපරිම ණය මුදලට අදාළ සීමාවන් ද වෙනස් කර ඇත.
නව සංශෝධනවලට අනුව, වාණිජ වාහන සඳහා ලබා දිය හැකිව තිබූ 90%ක මූල්‍ය පහසුකම 80%ක් දක්වා අඩු කර තිබේ. මෝටර් රථ, SUV සහ වෑන් රථ සඳහා ඉලෙක්ට්‍රික් නොවන කාණ්ඩයට පැවති 50%ක ණය සීමාව 60%ක් දක්වා ඉහළ නංවා ඇති අතර, හයිබ්‍රිඩ් සහ ඉලෙක්ට්‍රික් කාණ්ඩ සඳහා පැවති 70% සහ 90% යන ඉහළ සීමාවන් ද මේ අනුව 60% දක්වා පහත වැටී ඇත. එමෙන්ම මෙතෙක් ඉලෙක්ට්‍රික් නොවන ත්‍රිරෝද රථ සඳහා වාහනයේ වටිනාකමින් 25%ක් ලෙස පැවති ණය සීමාව 50%ක් දක්වා සැලකිය යුතු ලෙස ඉහළ දමා තිබීමද කැපී පෙනේ.
මෙම නව මාර්ගෝපදේශයන් ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි නොකළ වාහන සඳහා මෙන්ම, පළමු ලියාපදිංචිය සිදු කර වසරකට අඩු කාලයක් භාවිත කළ වාහන සඳහා ද බලපැවැත්වෙනු ඇත. කෙසේ වෙතත්, 2024 ජූලි 18 වන දිනට පෙර ණයවර ලිපි විවෘත කර ඇති මෙරට ලියාපදිංචි නොකළ වාහන සඳහා සංක්‍රාන්ති විධිවිධාන ක්‍රියාත්මක වන බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි. සිදු කරන වෙනස්කම් වගු සටහන් පහතින්
| Vehicle Category | Vehicle Class of Department of Motor Traffic |
Maximum LTV Ratio |
|---|---|---|
| Commercial vehicles | C1, C, CE, D1, D, DE, G1, G, J and Light trucks categorised under B | 80% |
| Motor Cars, SUVs and Vans | B (other than light trucks & single cabs) | 60% |
| Three wheelers | B1 | 50% |
| Any other vehicle | A1, A and single cabs categorised under B | 70% |
| Vehicle Category | Vehicle Class of Department of Motor Traffic | Electric Vehicles | Other Vehicles |
|---|---|---|---|
| Commercial vehicles | C1, C, CE, D1, D, DE, G1, G, J | 90% | 90% |
| Motor Cars, SUVs and Vans | B (other than light trucks & single cabs) | 90% | 50% |
| Three wheelers | B1 | 90% | 25% |
| Light trucks | B | 90% | 90% |
| Any other vehicle | A1, A and single cabs categorised under B | 90% | 70% |
| Hybrid Motor Cars, SUVs and Vans | B (Other than light trucks and single cabs) | 50% | |
Comments
Post a Comment
Your comment will be visible after approval