case-book-handed-over-to-cid-for-investigation-into-katugeya-incident

මාලිගාකන්ද මහේස්ත්‍රාත් උසාවියේ පවත්වාගෙන ගිය ලේඛනයක් කුරුටු ගෑවේ කවුරුන්ද? යන්න සෙවීමේ විමර්ශන මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය. රහස් පොලිසියට ඊයේ (07) බාර දුන්නාය.මෙය ඉතාම සංකීර්ණ විමර්ශනයක් වන හෙයින් විමර්ශන කටයුතු අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව බාර ශානි අධ්‍යක්‍ෂ අබේසේකර මහතාගේ අධීක්‍ෂණය යටතේ සිදුවිය යුතු බව පෙන්වා දෙමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මහත්මිය කළ ඉල්ලීමක් පිළිගනිමින් එලෙස නියම කළ මහෙස්ත්‍රාත්වරිය ප්‍රශ්නගත ‘මෝෂන් පොත’ ඇතුළු විමර්ශන වලට අවශ්‍ය විය හැකි මාලිගාකන්ද මහේස්ත්‍රාත් උසාවියේ පවත්වාගෙන ගිය ලේඛන මුද්‍රා කර සේප්පුවේ තැබීමටද නියම කළාය.




යුක්තිය පසිඳලීමේදී යම් අකටයුත්තක් වී ඇද්ද ? යන්න සොයා බැලිය යුතු බවත් සිද්ධියේ සැකකරුවන්ට වුණත් අගතියක් නොවන ආකාරයෙන් විමර්ශන සිදු විය යුතු බවත් විමර්ශන කටයුතු රහස් පොලිසියට බාර දෙමින් මහෙස්ත්‍රාත්වරිය අවධාරණය කළාය”

නේවාසික රෝගියකුට වැඩිමිලට ඖෂධ විකිණීම සම්බන්ධයෙන් නාරාහේන්පිට ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකට සහ එහි අධ්‍යක්‍ෂවරුන්ට එරෙහිව නුගේගොඩ හයිලෙවල් පාරේ පදිංචි සනත් කුමාර අතුකෝරල මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයට කළ පැමිණිල්ලකින් අනතුරුව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ආහාර ඖඖෂධ පරීක්‍ෂකවරයා අදාළ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක අධක්‍ෂවරුන්ට එරෙහිව නඩු පවරා තිබිණි"


2024 ජනවාරි 19 වැනිදා එම නඩුව කැඳවීමට දින නියම කර තිබිය දී 2024 ජනවාරි 09 වැනිදා නඩුව කැඳවීමට නියම කරන්නැයි ඉල්ලීම් කරමින් ‘මෝෂන් පත් දෙකක් ඉදිරිපත් කර තිබු අතර උසාවියේ පවත්වාගෙන ගිය ‘මෝෂන් පොතේ තැබූ ඉන් එක් සටහනක් කිසියම් පාර්ශ්වයක් විසින් කටුගා ඇති බව ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය හෙළි කරගෙන තිබිණි"නේවාසික රෝගියකුට වැඩි මිලට ඖෂධ විකිණීම සම්බන්ධයෙන් නාරාහේන්පිට ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකට සහ එහි අධ්‍යක්‍ෂවරුන්ට එරෙහිව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවරා ඇති නඩුව කැඳවු mඅවස්ථාවේ දී මාලිගාකන්ද මහේස්ත්‍රාත් උසාවියේ පවත්වාගෙන ගිය ලේඛනයක් කුරුටු ගෑම සම්බන්ධයෙන් මරදාන පොලිසිය කළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් එහි නිලධාරීන් විසින් ඉදිරිපත් කරන ලදී”


සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව ආරම්භ කළ විමර්ශනවල දී මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ ලේබාධිකාරිවරයාගෙන් ප්‍රකාශ දෙකක් සටහන් කරගත් බවත් මහේස්ත්‍රාත් උසාවියේ පවත්වාගෙන ගිය ‘මෝෂන් පොතේ 2024 ජනවාරි 09 වැනිදාට අදාළව 52621/23 දරන නඩු' අංකය සම්බන්ධයෙන් සටහනක් ඇති බවත් එම පොතේ තබා ඇති

සටහනක් නිල් තීන්තෙන් කපා ඇති බව නිරීක්ෂණය කළ බවත් දැනුම් දුන් නිලධාරීහු මෙය ඉතා සංකීර්ණ විමර්ශනයක් බවත් දැනුම් දුන්හ”


පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය ජනරාල් සොලිසිටර් ගිරිභාගම ජනරාල් මහත්මිය කරුණු දක්වමින් නඩුවට අදාළව ඉදිරිපත් කළ එක කැඳවීමකින් තොරව නිෂ්ප්‍රභ වී ඇති තත්වයක් තුළ යම්කිසි පාර්ශ්වයක් අයුතු ලාභයක් ලබා ගැනීම සඳහා චේතනාන්විතවම අධිකරණ ලේඛනයක් අවභාවිත කර ඇද්ද? යන්න පිළිබඳ විමර්ශන කළ යුතු යැයි කීවාය"


නාරාහේන්පිට ප්‍රදේශයේ අදාළ පෞද්ගලික රෝහල වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් දැක් වූ කරුණුවලට අනුව ඔවුන් ද ප්‍රශ්නගත සිද්ධියේ වින්දිතයන් බවට පත්වී ඇතැයි ද මෙය ඉතාම සංකීර්ණ විමර්ශනයක් වන හෙයින් විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර අධ්‍යක්‍ෂ ශානී අබේසේකර මහතාගේ  අධීක්‍ෂණය යටතේ සිදු විය යුතු යැයි ද පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මහත්මිය සිද්ධියට අදාළ විමර්ශන රහස් පොලිසියට බාර දෙන්නැයි ද ප්‍රශ්නගත ‘මෝෂන් පොත' ඇතුළු විමර්ශන වලට අවශ්‍ය විය හැකි මාලිගාකන්ද මහෙස්ත්‍රාත් උසාවියේ පවත්වාගෙන ගිය ලේඛන මුද්‍රා කර සේප්පුවේ තැබීමට ද නියම කරන්නැයි ද ඉල්ලා සිටියාය" ඉල්ලීම් පිළිගනිමින් විමර්ශන කටයුතු රහස් පොලිසියට බාරකළ මහේස්ත්‍රාත්වරිය ප්‍රශ්නගත 'මෝෂන් පොත ඇතුළු විමර්ශන වලට අවශ්‍ය විය හැකි මාලිගාකන්ද මහේස්ත්‍රාත් උසාවියේ පවත්වාගෙන ගිය ලේඛන මුද්‍රා කර සේප්පුවේ තැබීමට ද නියම කළාය.
( මනෝප්‍රිය ගුණසේකර)