cannot-request-an-additional-25-on-card-payments-central-bank-governor

 ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ්පත් මගින් ගෙවීම් සිදු කිරීමේදී, පාරිභෝගිකයින්ගෙන් 2.5%ක් වැනි අමතර ගාස්තුවක් අය කිරීමට වෙළෙඳසැල් හිමියන්ට කිසිදු නීත්‍යානුකූල අවසරයක් නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරයි. 



වෙළෙඳ ආයතනයක් විසින් කාඩ්පත් ගෙවීම් පර්යන්තයක් (POS machine) ලබා ගැනීමේදී අදාළ බැංකුව සමඟ ඇති කරගන්නා ගිවිසුමට අනුව, එම ගනුදෙනුව සඳහා වන ගාස්තුව පාරිභෝගිකයා මත පැටවීම සපුරා තහනම් බව මහ බැංකුව පෙන්වා දෙයි.



යම් හෙයකින් වෙළෙන්දෙකු භාණ්ඩයේ හෝ සේවාවේ ප්‍රදර්ශිත මිලට වඩා වැඩි මුදලක් කාඩ්පත් ගෙවීමකදී ඉල්ලා සිටින්නේ නම්, ඒ පිළිබඳව වහාම තම කාඩ්පත නිකුත් කළ බැංකුව දැනුවත් කරන ලෙස මහ බැංකුව පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටී.

ශ්‍රී ලංකා මහ බැංකුව මෙම දැනුම් දීම සිදු කර ඇත්තේ, ඇතැම් වෙළෙඳසැල් සහ සේවා සපයන ආයතන විසින් කාඩ්පත් මගින් මුදල් ගෙවීමේදී මෙවැනි අමතර ගාස්තු අය කරන බවට පාරිභෝගිකයින්ගෙන් ලැබෙන පැමිණිලි ඉහළ යාමේ පසුබිමකය.