bus-fares-to-be-reduced-slightly-by-055-from-the-4th

 ජූලි මස 04 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු සියයට 0.55 කින් අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.





කෙසේ වෙතත්, මෙම ගාස්තු සංශෝධනයේදී අවම බස් ගාස්තුව වන රුපියල් 27 වෙනස් නොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව විශේෂයෙන් පෙන්වා දෙයි. සමස්ත ගාස්තු අඩු වුවද අවම ගාස්තුව එලෙසම පවත්වාගෙන යෑමට තීරණය කර ඇත.

මෙම වසර සඳහා වන වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අනුව, ගාස්තු සියයට 2.5 කින් අඩු විය යුතුව තිබිණි. නමුත්, මාසික ඉන්ධන මිල සූත්‍රයට අනුව සිදු වූ ඉන්ධන මිලෙහි වෙනස්වීම්ද සලකා බැලීමෙන් අනතුරුව, අවසන් ගාස්තු අඩු කිරීම සියයට 0.55 ක් ලෙස තීරණය වූ බව කොමිසමේ උසස් නිලධාරියෙකු පැහැදිලි කළේය.

ඒ අනුව, මෙම නව බස් ගාස්තු ලැයිස්තුව ජූලි මස 04 වන දින මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා ක්‍රියාත්මක වනු ඇත.