මුලතිව්, මාන්කුලම් පොලිස් වසමේ පනික්කන්කුලම් ප්‍රදේශයේ ළිඳක තිබී මවකගේ සහ දියණියන් දෙදෙනෙකුගේ සිරුරු අද (24) දින සොයාගෙන තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 38ක් වූ උසහාරන් මාලිනී නමැති මව සහ ඇගේ දියණියන් දෙදෙනා වන උසහාරන් මික්සා (වයස 11) සහ උසහාරන් සතුසා (වයස 04) යන අයයි.
ඔවුන් පදිංචිව සිටි නිවසේ සිට මීටර් 500ක් පමණ දුරින් පිහිටි, රජයේ නිවාස යෝජනා ක්‍රමයකට අයත් නිවසක ගෙවත්තේ පිහිටි ළිඳකින් මෙම මළ සිරුරු හමුවී ඇත. අද උදෑසන මෙම ළිඳ අසල තිබී බෑගයක් සහ වෙනත් භාණ්ඩ කිහිපයක් දුටු ප්‍රදේශවාසීන්, ඒ පිළිබඳව ග්‍රාම නිලධාරීවරයා සහ පොලීසිය දැනුවත් කිරීමෙන් පසු මෙම අනාවරණය සිදුවී තිබේ.
ලැබුණු තොරතුරු මත එම ස්ථානයට පැමිණි මාන්කුලම් පොලීසිය සහ ග්‍රාම නිලධාරීවරයා විසින් ළිඳේ සිරුරු ඇති බව තහවුරු කර ගැනීමෙන් අනතුරුව, මුලතිව් මහේස්ත්‍රාත්වරයා විසින් එම ස්ථානය පරීක්ෂා කරනු ලැබීය. මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය මත සිරුරු ළිඳෙන් ගොඩගෙන ඇත.
මෙම මරණ සියදිවි නසාගැනීමක්ද, එසේත් නැතිනම් වෙනත් හේතුවක් මත සිදුවූවක්ද යන්න පිළිබඳව මාන්කුලම් පොලීසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.
පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුරු දිස්ත්‍රික් රෝහල වෙත යැවීමට නියෝග කර ඇති අතර, මෙම මරණ සියදිවි නසාගැනීමක්ද, එසේත් නැතිනම් වෙනත් හේතුවක් මත සිදුවූවක්ද යන්න පිළිබඳව මාන්කුලම් පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval