නීතිවිරෝධී ලෙස ජීප් රථයක් ආනයනය කර එකලස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියමිත පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය මෙලනි අබේගුණවර්ධන ඉදිරි දින කිහිපය තුළ පොලිසියට භාර නොවන්නේ නම්,
ඇයට අයත් දේපළ තහනම් කිරීමේ අධිකරණ නියෝගයක් ලබා ගන්නා බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
ඇය රැඳී සිටින බවට තොරතුරු ලැබුණු ස්ථාන කිහිපයක් මේ වන විටත් පරීක්ෂාවට ලක් කර ඇති නමුත්, එම කිසිදු ස්ථානයක ඇය නොසිටි බව පොලිසිය සඳහන් කරයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඇයගේ ස්වාමිපුරුෂයා ඊයේ දිනයේ අධිකරණයට භාර වීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.
Comments
Post a Comment
Your comment will be visible after approval