
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කෙහෙල්බද්දර පද්මේ නමැත්තාට විදේශ ගමන් බලපත්‍රයක් සකස් කිරීම සඳහා ව්‍යාජ උප්පැන්න සහතිකයක් නිකුත් කළ බවට චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හිටපු අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරියක වන දොන් රුවනි වාසනා මහත්මිය ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය ඊයේ (28) නියෝග කළාය. සැකකාරිය රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරිණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිස් ජාවාරම් විමර්ශන අංශය විසින් පසුගිය 24 වනදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇය රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි. 'දොන් අධිත්‍ය අභිමාන' යන ව්‍යාජ නාමයෙන්, ව්‍යාජ ගොනු අංකයක් යටතේ 2024 ජනවාරි මාසයේදී මෙම උප්පැන්න සහතිකය නිකුත් කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළේය.
මෙම සැකකාරිය, දැනට සේවා තහනමට ලක්ව සිටින අතර, ඇය මෙම සිද්ධියට අමතරව තවත් ව්‍යාජ උප්පැන්න සහතික සකස් කර, ඒ සඳහා ඉහළ නිලධාරීන්ගේ මුද්‍රාද වංචනික ලෙස යොදාගෙන ඇති බවට විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
සිද්ධියට අදාළ දත්ත පද්ධතිය වැඩිදුර පරීක්ෂණ සඳහා මොරටුව විශ්වවිද්‍යාලය වෙත යොමු කිරීමටද අධිකරණයෙන් අවසර ඉල්ලා තිබේ.
මෙම නඩුවට අදාළව මීට පෙර රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලකවරයෙකු සහ ඡායාරූප ශිල්පීන් දෙදෙනෙකුද ඇප මත මුදා හැර තිබිණි.
Comments
Post a Comment
Your comment will be visible after approval