another-vat-case-against-arjuna-aloysius

 රුපියල් කෝටි 355ක වැට් බදු ගෙවීම් පැහැර හැරීමේ චෝදනාවට වරදකරු වී මාස හයක සිරදඬුවමක් නියම වූ ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් ඇතුළු දෙදෙනාට එරෙහිව රුපියල් කෝටි 103ක වැට් බදු ගෙවීම් පැහැර හැරීම සම්බන්ධයෙන් දේශීය ආදායම් කොමසාරිස්වරයා තවත් බදු නඩුවක් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවැරිය.



 

2019 හා 2020 වර්ෂවල අදාළව ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමාගම රජයට ගෙවිය යුතු රුපියල් 1035473988.47 ක වැට් බදු මුදල් නොගෙවා පැහැර හැරිම සම්බන්ධයෙන් පවරා ඇති මෙම නඩුව සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය අර්ජුන ඇලෝසියස් ඇතුළු වගඋත්තරකරුවන්ට ඔක්තෝබර් 13 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් සිතාසි නිකුත් කළාය.


ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් නමැත්තාට අමතරව මෙලෙස සිතාසි නිකුත් කරන ලද්දේ ඇන්ටනී රන්දෙව් සහ ජිනේන්ද්‍ර ජෝන් නමැත්තන්ටය.

2019 හා 2020 වර්ෂවලට අදාළව ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම රජයට ගෙවිය යුතු රුපියල් 1035473988.47 ක වැට් බදු නොගෙවා පැහැර හැරීම සම්බන්ධයෙන් අර්ජුන ඇලෝසියස් හා ඇන්ටනී රන්දෙව් රන්දෙව් ජිනේන්ද්‍ර ජෝන් යන අය වග උත්තරකරුවන් කරමින් දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් මෙම නඩුව පවරා ඇත.


එකතු කළ අගය මත බදු පනතේ ප්‍රතිපාදන මත දේශීය ආදායම් කොමසාරිස්වරයා මෙම නඩුව පවරා ඇති අතර මීට ඉහත දී 2016 සහ 2019 අතර කාලය තුළ රජයට අය විය යුතු රුපියල් බිලියන 3.5ක වැට් බදු මුදල් නොගෙවීම සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවකට අදාළව සිර දඬුවම් නියම විණි.” දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් පැවරූ නඩුව සළකා බැලීමෙන් අනතුරුව නඩුව ඔක්තෝබර් 13 වැනිදා කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය එදින අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් වග උත්තරකරුවන්ට සිතාසි නිකුත් කළාය.