බොරැල්ල, කනත්ත වටරවුම ආසන්නයේදී අද (28) උදෑසන සිදුවූ මාරක රිය අනතුරකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ.
දොඹකරයක තිරිංග ක්‍රියා විරහිත වීම හේතුවෙන් එය පාලනයෙන් මිදී යතුරුපැදි ඇතුළු වාහන කිහිපයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අනතුරින් තුවාල ලැබූ පුද්ගලයන් සිව් දෙනා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
මෙම අනතුර හේතුවෙන් බොරැල්ල සහ ඒ අවට ප්‍රදේශවල දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති අතර, තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් නිලධාරීන් එම ස්ථානයේ රාජකාරියේ යොදවා තිබේ.