ගාල්ල, කොස්ගොඩ ප්‍රදේශයේදී අද (31) අලුයම සිදු වූ වෙඩි තැබීමකින් 23 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය තහවුරු කරයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ කොස්ගොඩ, දූවමෝදර ප්‍රදේශයේදී අද අලුයම 5.15 ට පමණ මෙම වෙඩි තැබීම සිදුවී ඇති බවයි. යතුරුපැදියකින් පැමිණි හඳුනා නොගත් තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇත.
මෙම ප්‍රහාරය සඳහා ටී-56 වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බවට මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කොස්ගොඩ පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි.
Comments
Post a Comment
Your comment will be visible after approval