ආසියානු සංවර්ධන බැංකු මුදල් ආධාර යටතේ රුපියල් මිලියන 500ක අධි පීඩන ජීවානුහරණ යන්ත්‍ර 20ක් දිවයිනේ රෝහල් කිහිපයකට ලැබීමට නියමිත බවත් ඉන් 05ක් කොළඹ ජාතික රෝහලේ අවශ්‍යතාව සඳහා ගැළපෙන
අයුරින් ලබාගැනීමට ඉල්ලීම් කළ බවත් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවැසීය. එම අවශ්‍යතාව අනුව මිලදී ගැනීම වෙනුවට සමාගම් ළබැඳියාවට මෙම ක්‍රියාව නොකළ යුතු බව බෙල්ලන මහතා ප්‍රකාශ කළේය.මේ අතර මෑත කාලයේදී රෝහලේ ශල්‍යාගාර කාර්යභාරය සැලකිය යුතු ලෙස වැඩි වී ඇති අතර
විසබීජහරණ ක්‍රියාවලියේ ධාරිතාව ඊට අනුකූලව වැඩි කළ යුතු බව එම ලිපියේ අවධාරණය කර ඇත. විෂබීජහරණය සහ ආසාදන පාලනය සඳහා ලෝකයේ ප්‍රමිතීන් සැකසීම සඳහා වන පාලක මණ්ඩලය වන ලෝක රෝහල් විසබීජහරණ විද්‍යා සම්මේලනය (WFHSS)ට අනුව,කුටීර පරිමාව ඒකාකාර මොඩියුල ගණනකට (විසබීජහරණ ඒකක STU 2, 4, 6, 8, 10 ආදිය) ඉඩ සැලසෙන පරිදි නිර්මාණය කළ යුතු බව එහි දැක්වේ. රෝහලේ වත්මන් වැඩ ප්‍රමාණය සපුරාලීම සඳහා කුටිය ලීටර් 55න් ගුණාකාර විය යුතුය. මිලදී ගැනීමට නියමිත අධි ජීවානුහරණ යන්ත්‍රවල STU 8ක් සඳහා අවම ධාර්තාව ලීටර් 440 ක් හෝ ඊට වැඩි වීම අනිවාර්ය බව එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval