winners-of-the-sarasaviya-film-awards-2024

36 වැනි කැලීන් සරසවිය සම්මාන උළෙල බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී ඊයේ(24) රාත්‍රියේ උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණි.2024 නිර්මාණ වෙනුවෙන් ලබාදුන් සම්මාන දිනූ අය පහත පරිදිය



හොඳම නිළිය  ‘දුස්රා‘ චිත්‍රපටයේ රතීගේ චරිතය රඟපෑම වෙනුවෙන් තිලක්ෂනී රත්නායක
හොඳම නලුවා  ‘ගිනි අවි සහ ගිනි කෙළි 2‘ චිත්‍රපටයේ මංජුගේ චරිතය රඟපෑ ධනුක දිල්ෂාන්
2024 හොඳම චිත්‍රපටය - රේණුකා බාලසූරිය හා ගාමිණී වික්‍රමසිංහ නිෂ්පාදනය කළ ‘සිංහබාහු‘
හොඳම අධ්‍යක්ෂණය - ගිනි අවි සහ ගිනි කෙළි 2 චිත්‍රපටය අධ්‍යක්ෂණය වෙනුවෙන් උදයකාන්ත වර්ණකුලසූරිය
හොඳම තිරනාටකය - මින්නු චිත්‍රපටයේ තිරනාටකය රචනා කිරීම වෙනුවෙන් සුමිත්‍රා රාහුබද්ධ
හොඳම සහාය නළුවා - සිංහබාහු චිත්‍රපටයේ සිංහබාහු ගේ චරිතය රඟපෑම වෙනුවෙන් සජිත අනුත්තර
හොඳම සහාය නිළිය - මින්නු චිත්‍රපටයේ රෝගී යෞවනිය පූර්ණිමාගේ චරිතය රඟපෑම වෙනුවෙන් තිසරි වත්සලා
හොඳම විශේෂ දෘෂ්‍ය ප්‍රයෝග - සිංහබාහු චිත්‍රපටයේ විශේෂ දෘෂ්‍ය ප්‍රයෝග සැකසීම වෙනුවෙන් රවීන් වෙත්තසිංහ


හොඳම රංග වස්ත්‍රාභරණ - සිංහබාහු චිත්‍රපටයේ රංග වස්ත්‍රාභරණ සැකසීම වෙනුවෙන් ඕෂිනී රමේෂා
හොඳම රංග වින්‍යාසය - සෝලෝ චිත්‍රපටයේ රංග වින්‍යාසය වෙනුවෙන් සුපුන් අබේසිංහ
හොඳම ප්‍රතිවීර රංගනය - 1970 Love Story චිත්‍රපටයේ ඩෙරික් ගේ චරිතය නිරූපණය කළ අශාන් ඩයස්
හොඳම හාස්‍යෝත්පාදක රංගනය - 1970 Love Story චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාගේ චරිතය නිරූපණය කළ මහේන්ද්‍ර පෙරේරා
හොඳම කැමරාකරණය - (සම සම්මානයකි) ගිනි අවි සහ ගිනි කෙළි 2 චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය කළ අයේෂ්මන්ත හෙට්ටිආරච්චි සහ මින්නු හා සිංහබාහු චිත්‍රපටවල කැමරා අධ්‍යක්ෂ විශ්ව බාලසූරිය
හොඳම සංස්කරණය - ගිනි අවි සහ ගිනි කෙළි 2 චිත්‍රපටය සංස්කරණය කළ රුවන් චාමර රණසිංහ
හොඳම වේශ නිරූපනය - සිංහබාහු චිත්‍රපටයේ වේශ නිරූපනය කළ විදුර අබේධීර
හොඳම කලා අධ්‍යක්ෂණය - සිංහබාහු චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂණය කළ ජානක ප්‍රසාද්
හොඳම ශබ්ද පරිපාලනය - My red Comrade චිත්‍රපටයේ ශබ්ද පරිපාලනය කළ සසික රුවන් මාරසිංහ
හොඳම සංගීත අධ්‍යක්ෂණය - සිංහබාහු චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළ සමන් පනාපිටිය
හොඳම ගීත රචනය - ගුරු ගීතය චිත්‍රපටයේ ‘ඉපල් රිකිළි සුළං‘ ගීතය රචනා කළ නුවන් ජූඩ් ලියනගේ
හොඳම ගායිකාව - සිංහබාහු චිත්‍රපටයේ ‘ගිරි සිරස වසා ඇති‘ ගීතය ගායනා කරන නුවන්දිකා සේනාරත්න
හොඳම ගායකයා - ගුරු ගීතය චිත්‍රපටයේ ‘ඉපල් රිකිළි සුළං‘ ගීතය ගායනා කරන කිත්සිරි ජයසේකර
හොඳම සිනමා ආකර්ෂණිය චිත්‍රපටය - මන්දාරා - ප්‍රියන්ත කොළඹගේ
හොඳම නැගී එන නළුවා සම්මානය - මේඝ සූරියආච්චි (මන්දාරා)


හොඳම නැගී එන නිළිය සම්මානය - අභිලාෂී සන්තුෂ්කි (සිංහබාහු - සුප්පා දේවියගේ තරුණ විය)
2024 වසරේ හොඳම දෙමළ භාෂිත චිත්‍රපටය - රංජිත් ජෝශප් අධ්‍යක්ෂණය කළ ඌලි

ජූරියේ විශේෂ සම්මාන
1. සෝලෝ ටවුන් - චතුරංගන ද සිල්වා (සංගීතය)
2. රොකට් - පාසල් ප්‍රජාවක් ශ්‍රී ලාංකේය සිනමා කලාව වෙනුවෙන් දැක්වූ සුවිශේෂ උනන්දුව හා දායකත්වය ඇගයීම් වස් රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලය නිර්මාණය කළ ‘රොකට්‘ සිනමා කෘතීය

කුසලතා සම්මාන
ශ්‍රී සද්ධා - රිටිගල සුමේධ (සටන් අධ්‍යක්ෂණ්‍ය)
සිහින සමීකරණ - කසුනි කාවින්දි (රගපෑම් - රිද්මිගේ චරිතය)
සෝලෝ ටවුන් - යුලාන් ඩෘෘ (රඟපෑම්)
මන්දාරා - සහේලි සදිත්මා (රඟපෑම් - යශෝධරාගේ චරිතය)
ඌලි (දෙමළ චිත්‍රපටය) - අරුණාචලම් සිවලිංගම් (සංස්කරණය)
ඌලි (දෙමළ චිත්‍රපටය) - රාජේස් වර්මා (කැමරාකරණය)
ඌලි (දෙමළ චිත්‍රපටය) - රංජිත් ජෝශප්/ දීපචෙල්වම් (තිර රචනය)
ජනප්‍රිය සම්මාන(SMS මනාප)
SMS 'වසරේ ජනප්‍රියම නළුවා' - මේඝ සූරියආරච්චි
SMS 'වසරේ ජනප්‍රියම නිළිය' - දිනක්ෂි ප්‍රියසාද්