එළඹෙන ජූලි මස පළමුවනදා සිට සියලුම බස් රථ රියදුරන් සඳහා ආරක්ෂිත ආසන පටි පැළඳීම අනිවාර්ය කර තිබේ. ජාතික ගමනාගමන කොමිසම විසින් මෙම තීරණය ගෙන ඇති අතර, එම නීතිය උල්ලංඝනය කරන රියදුරන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව අවධාරණය කරයි. මෑත කාලීනව බස් රථ සම්බන්ධ වන රිය අනතුරු ඉහළ යෑමේ ප්‍රවණතාවක් නිරීක්ෂණය වීමත්, බොහෝ රියදුරන් ආරක්ෂිත පටි භාවිත නොකිරීමත් මෙම තීරණය ගැනීමට ප්‍රධාන හේතුව වී ඇත.
මෝටර් රථ පනතේ පවතින ප්‍රතිපාදනවලට අනුව, 2011 වසරේ ඔක්තෝබර් මස 01 වන දින සිටම රියදුරන් සඳහා ආරක්ෂිත බඳ පටි පැළඳීම ගැසට් නිවේදනයක් මගින් නීතිගත කර තිබුණි. කෙසේ වෙතත්, එම නීතිය මෙතෙක් නිසි පරිදි ක්‍රියාත්මක නොවීම හේතුවෙන්, මාර්ග ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් ජාතික ගමනාගමන කොමිසම මෙම නීතිය නැවතත් දැඩිව බලාත්මක කිරීමට පියවර ගෙන තිබේ.
කොමිසමේ සභාපති ඉංජිනේරු පී.ඒ. චන්ද්‍රපාල මහතා සඳහන් කරන්නේ, නියමිත දිනයේ සිට මෙම නීතියට අනුකූල නොවන රියදුරන් සොයා විශේෂ මෙහෙයුම් දියත් කරන බවයි.Starting from the first Monday of July, wearing safety seatbelts becomes mandatory for all bus drivers. The National Transport Commission made this decision due to increasing bus accidents and many drivers not using seatbelts. Though legally required since October 2011 under the Motor Traffic Act, enforcement was lacking. Chairman Engineer P.A. Chandrapala announced special operations will target non-compliant drivers from the designated date.
Comments
Post a Comment
Your comment will be visible after approval