trumps-nervous-hesitation-while-boarding-the-plane-what-happened-video

2025 ජූනි 8 වන ඉරිදා, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ යන දෙදෙනා එයාර් ෆෝස් වන් ගුවන් යානයට ගොඩවන අවස්ථාවක් අතරතුර මුලින් පඩිපෙළින් ගුවන් යානයට නගින ට්‍රම්ප්ගේ පාද පැකිලෙන අයුරු කැමරාවල සටහන් වී ඇත. මෙම සිදුවීම නිව්ජර්සි හි මොරිස්ටවුන්

මහනගරසභා ගුවන්තොටුපොළේදී සිදුවී ඇති අතර, ඔවුන් මේරිලන්ඩ් හි හේගර්ස්ටවුන් හි පැවති මාධ්‍ය සාකච්ඡාවකින් පසුව කැම්ප් ඩේවිඩ් වෙත පිටත්ව යන අවස්ථාවේදී සිදුවී තිබේ.

ට්‍රම්ප් මෙහිදී වැටෙන්නේ නැති නමුත් ඔහු වහා අතින් තරප්පු පෙළේ ආදාරකය අල්ලාගෙන සමතුලිතතාව රැකගනී.

කිසිදු හානියක් නොපෙනුණු අතර, ගුවන්යානයේ පඩිපෙළ මත කෙටි කාලීනව සමතුලිතතාවය නැතිවීමෙන් පසු ඔහු එය ගණනකට නොගෙන පිටව යයි.

පැකිලීමේ වීඩියෝව සමාජ මාධ්‍ය  හරහා වේගයෙන් ව්‍යාප්ත විය. බොහෝ පරිශීලකයින් හිටපු ජනාධිපති ජෝ බයිඩන් සම්බන්ධයෙන් සිදුවූ පෙර සිදුවීම් සමඟ සැසඳීම් කළ අතර, ඔහුද තම ධුර කාලය තුළදී එයාර් ෆෝස් වන් පඩිපෙළ මත පැකිලී තිබිණි. ට්‍රම්ප් පෙරදී බයිඩන්ගේ ඇදවැටීම් සම්බන්ධයෙන් උපහාස කළ බැවින් මෙම සිදුවීමේ විහිළුසහගත බව බොහෝ දෙනා පෙන්වා දුන්හ.

මෙම සිදුවීම ඇතිවූයේ ට්‍රම්ප් ෆෙඩරල් සංක්‍රමණික වැටලීම් පිළිබඳව ලොස් ඇන්ජලීස් හි උග්‍ර ලෙස පවතින විරෝධතා ගැන මාධ්‍යවේදීන් අමතා ටික වේලාවකට පසුවයි. කැරලි පනත භාවිතා කිරීමේ හැකියාව ගැන එම මාධ්‍යවේදීන් විමසූ විට, ට්‍රම්ප් "කැරැල්ලක් තිබේද නැද්ද යන්න මත රඳා පවතී" යැයි ප්‍රකාශ කළ අතර, රටේ නීතිය හා සාමය පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය අවධාරණය කළේය.