
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු පිරිසක් චීන කොමියුනිස්ට් පක්ෂයේ ආරාධනයෙන් චීනයේ සංචාරයක නිරත වී සිටින අතර, ඔවුන් චීනයේ ජෙයිජං පළාතේ ආණ්ඩුකාර ලියු ජියේ සමඟ විශේෂ හමුවක් පවත්වා ඇත.
ඊයේ (09) ජෙයිජං පළාතේ ප්‍රධාන මහජන රැස්වීම් ශාලාවේදී පැවැති මෙම හමුවේදී ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ සහ චීන කොමියුනිස්ට් පක්ෂය අතර පවතින සබඳතා පිළිබඳව විශේෂයෙන් සාකච්ඡා කෙරිණි.
සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා චීනයෙන් හා විශේෂයෙන් ජෙයිජං පළාතෙන් ලබාගත හැකි සහයෝගය පිළිබඳව අවධානය යොමු කෙරුණු අතර, ටිල්වින් සිල්වා මහතා ශ්‍රී ලංකාවේ පැවති දූෂිත පාලන තන්ත්‍රය අවසන් කර ජනතා විමුක්ති පෙරමුණේ මූලිකත්වයෙන් පිහිටුවා ඇති ජාතික ජන බලවේග ආණ්ඩුව මගින් රටේ ආර්ථික සංවර්ධනය වේගවත් කිරීමේ සැලසුම් ක්‍රියාත්මක කරමින් සිටින බව පැවසීය.
ටිල්වින් සිල්වා මහතා තවදුරටත් පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය සඳහා චීනයේ සහයෝගය අපේක්ෂා කරන බවත්, චීන කොමියුනිස්ට් පක්ෂය ලබාගත් අත්දැකීම් ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට ආදර්ශයක් ලෙස භාවිත කිරීමට අපේක්ෂා කරන බවත්ය.
මෙම හමුවට තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර්, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එම්. ජෙගදීශ්වරන්, මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි දීප්ති වාසලගේ සහ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය විජේසිංහ ඇතුළු ශ්‍රී ලාංකික නියෝජිත පිරිසක් සහභාගී වූහ.
චීන පාර්ශ්වයෙන් ජෙයිජං පළාතේ උප ආණ්‌ඩුකාර ලූ ෂන්, චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර අංශයේ දකුණු ආසියානු කලාපයේ අධ්‍යක්ෂ ජනරාල් පෙන්ග් ෂියුබින් ඇතුළු ජෙයිජං පළාතේ චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිතයින් රැසක් සහභාගී වූහ.





Comments
Post a Comment
Your comment will be visible after approval