රස ලොව රජ කිරුළ, මන්චි වෙතින් ලෝක පියවරුන්ගේ දිනය මෙවර වෙනස් ලෙසකින් සමරන ලදි. ඔවුන්ගේ තේමාව වූයේ “රස ලොව රජ කිරුළ පළඳවන පිය කිරුළ” යනුවෙනි. අපට නොපෙනුනද අපේ ජීවිත හැඩ කරන්නට ජීවිතයම කැප කළ පියවරුන් අගය කිරීම මෙමඟින් ඔවුන්ගේ අරමුණු කරගන්නා ලදි.
ඒ අනුව ඉරිදා ලංකාදීප, මව්බිම,අරුණ සහ මොනරා පුවත්පත් වල පල කරන ලද මන්චි ලාංඡනයෙහි ඇති කිරුළෙහි හැඩයට සකසන ලද කිරුළක්, එය කපා පැළඳවිය හැකි ආකාරයට නිකුත් කර තිබුණි. ඊට අමතරව මන්චි tik tok පිටුවෙහි මෙම පිය කිරුළ හැඩයට සකසන ලද filter එකක්ද පල කර තිබුණි. මෙම පිය කිරුළ තම පියවරුන්ට පළඳා ඔවුන්ව අගය කිරීමට විවිධ සමාජ ක්‍රියාකාරීන් ඇතුළු බොහෝ දෙනෙක් මේ වටා එකතු වි සිටි අයුරු දැකගත හැකි විය. මීට අමතරව මෙම අදහස සමාජය තුළට ගෙන යන ආකාරයේ සංවේදී කතාවක් අඩංගු වීඩියෝපටයක්ද සමාජ මාධ්‍ය තුළට මුදාහැර තිබුණි. තවමත් මෙම පිය කිරුළ ඔබේ පියවරුන්ට පැළඳුවේ නැති නම් අදම මන්චි ටික් ටොක් පිටුව හා සම්බන්ධ වී ඔබේ පියා ගැනත් ආදරණීය අගය කිරීමක් එක් කරන මෙන් මන්චි ආයතනය ඔබට ආදරයෙන් ආරාධනා කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval