the-servant-of-the-ministry-of-health-who-received-salaries-and-allowances-from-the-government-has-been-arrested

 හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සම්බන්ධයෙන් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම සිදු කරන පරික්ෂණවලට අදාළව, ඔහුගේ නිවසේ සේවය කළ සේවිකාවක් අද (11) දින අත්අඩංගුවට ගනු ලැබිණි. 


මෙම සේවිකාවගේ පඩි නඩි ගෙවා ඇත්තේ සෞඛ්‍ය අමත්‍යංශයේ සේවය කළ අයෙකු ලෙසවීම අත්අඩංගවට ගැනීමට හේතුවයි.

ඇයගේ නම සෞඛ්‍ය අමාත්‍යංශයට නාමිකව පත්වීමක් ලෙස ලබා දී රජයේ වැටුප් හා අතිකාල දීමනා අවභාවිතා කිරීමක් මේ වනවිට ඔප්පුවී ඇත.
මේ  සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එල්ල වූ චෝදනා සම්බන්ධ විමර්ශනයට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාව නිකුත් කළ ප්‍රකාශනයක සඳහන් වේ.

අත්අඩංගුවට ගත් කාන්තාව ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක වන රාජපක්ෂ සුබසිං පතිරණගේ නිපුනි ක්‍රිෂ්ණජිනා යන තැනැත්තියයි. ඇය හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිවසේ සේවිකාවක් ලෙස කටයුතු කර ඇති බව වාර්තා වේ.



අත්අඩංගුවට ගන්නා ලද සැකකාරිය අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත. එහිදී අධිකරණය විසින් ඇයව මෙම මාසයේ 17 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත. 
මෙවැනි නාමික පත්වීම් යනු රාජ්‍ය සේවයේ සාමාන්‍ය ක්‍රමවේදයට අනුකූල නොව, දේශපාලන වරප්‍රසාදයක් ලෙස ලබා දෙන පත්වීම් වන අතර, මෙම පුද්ගලයින් රජයේ වැටුප් සහ වෙනත් ප්‍රතිලාභ ලබා ගත්ත ද ඔවුන් සත්‍ය සේවයක් සිදු නොකළ බවට චෝදනා එල්ල වී ඇත.එම නිසා කෙහෙළිය මෙන්ම සේවිකාවද වරදට හසුවේ.