
පාසල් ගුරුවරියක් හා ඇගේ සැමියා, තම පාසලේ ඉගෙනුම ලැබූ බාල වයස්කාර සිසුවියක් නිවෙසට කැඳවාගෙන පැමිණ දූෂණය කිරීම ඇතුළු බරපතල අපරාධ හයකට වරදකරුවන් කිරීමෙන් අනතුරුව, කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් ඔවුන්ට බරපතල වැඩ සහිත වසර 45 බැගින් වූ සිර දඬුවම් නියම කොට ඇත.
පැමිණිල්ලේ සාක්ෂි අනුව, රත්මලාන ප්‍රදේශයේ පිහිටි සිය නිවෙසට ඉතා දුරබැහැර ප්‍රදේශයක පදිංචිව සිටි සිසුවිය කැඳවාගෙන විත් ඇති බව හෙළි විය.
තවද, දෙවැනි විත්තිකාරිය (ගුරුවරිය) දැරියගේ ඇඳුම් ගලවා දමා සැමියා ඇයව දූෂණය කරන තෙක් ඇගේ අත්වලින් අල්ලා සිරකරගෙන සිට ඇති බවත් සාක්ෂි මඟින් අනාවරණය වී තිබිණි. එකී අපරාධය සිදුකිරීමෙන් පසුව දැරියට බලා සිටින්නට යැයි නියෝග කොට විත්තිකරුවන් අඹු-සැමියන් ලෙස හැසිරී ඇති බවත් තවදුරටත් හෙළි විය.
නඩු විභාගයේදී විත්තිය විසින් තම වසර 4ක දැරියද සාක්ෂිකාරියක ලෙස කැඳවීමට උත්සාහ කර තිබිණි.
මෙම නඩුවේ විත්තිකරුවන් වන නිලන්ත රත්නායක හෙවත් නිලංග සහ සුජීවනී ප්‍රියදර්ශනී මහවත්ත යන දෙදෙනාට චෝදනා තුනකට වෙන් වෙන්ව නියම කළ සිර දඬුවම් කාලය එකවර, එනම් වසර 15කින් ගෙවී යන ලෙස නියම කරන ලදී. මීට අමතරව, විනිසුරුවරයා විසින් විත්තිකරුවන් දෙදෙනාට රුපියල් 30,000 බැගින් වූ දඩයක්ද නියම කරන ලදී.
තවද, 1995 අංක 22 දරණ දණ්ඩ නීති සංග්‍රහ සංශෝධිත පනත ප්‍රකාරව, විත්තිකරුවන් දෙදෙනා විසින් අගතියට පත් කාන්තාවට රුපියල් ලක්ෂ 15 බැගින් වූ වන්දියක් ගෙවිය යුතු බවටද නියම කෙරිණි. කෙසේ වෙතත්, විනිසුරුවරයා විසින් එම මුදලින් රුපියල් ලක්ෂ පහ බැගින් ගෙවීම ප්‍රමාණවත් බවට නියෝගයක්ද පනවා ඇත.
නඩු විභාගයේදී හෙළි වූ කරුණු අනුව, සිද්ධිය සිදුවන විට වින්දිත තරුණිය වයස අවුරුදු 16යි මාස 10ක් වූ අතර, විත්තිකරුවන් ඇගේ වයසේම දරුවන් දෙදෙනෙකුගේ දෙමාපියන් බව හෙළි විය. විත්තිකරුවන් අපරාධය සිදුකරන අවස්ථාවේදී, ඔවුන් වයස අවුරුදු 37 සහ 35 අතර වයස්වල පසු වූ බව වාර්තා වේ.
රජයේ අධිනීතිඥ කේෂාණි විජේසිංහ මහත්මිය, නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවමින්, විත්තිකරුවන් සිදුකර ඇත්තේ සමස්ත සමාජයම පිළිකුල් කරන ඉතා බරපතළ වැරදි බැවින්, ව්‍යවස්ථාදායකය පනවා ඇති උපරිම දඬුවම නියම කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියාය.
විත්තිකරුවන් වරදකරුවන් බවට නිගමනය කළ විනිසුරුවරයා, දඬුවම් නියම කිරීමට පෙර අගතියට පත් කාන්තාවට අදහස් දැක්වීමට අවස්ථාව ලබා දුන්නේය. එවිට ඇය, "මෙතුමිය මගේ ගුරුවරියක්. මම ඇගේ සිසුවියක් කියන කරුණාවත් නොසලකායි මට මේ අපරාධය කළේ. එබැවින් ලබාදිය හැකි උපරිම දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා" යැයි පැවසුවාය.
විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින්, විත්තිකරුවන්ට පෙර වැරදි නොමැති පුද්ගලයන් බැවින් එක් වරදකට නියම කළ හැකි වසර 20 බැගින් වූ සිරදඬුවම් නියම නොකොට එලෙස ලිහිල් සිරදඬුවමක් නියම කරන බව පැවසීය.
තවද, විනිසුරුවරයා පවත්නා නීති රාමුව තුළ රංචු ගැසී ස්ත්‍රියක් දූෂණය කිරීමේ වරදට කාන්තාවක් වුවත් වරදකාරිය කොට දඬුවම් නියම කළ හැකි බව පෙන්වා දුන්නේය. විත්තිකරුවන්ගේ බාල දියණිය වයස අවුරුදු 17ක තැනැත්තියක් වන බැවින් ඇගේ භාරකාරත්වය පවුලේ ළඟම ඥාතියකු භාරගත යුතු බවත්, වැඩිමහල් දියණිය අවුරුදු 22ක තැනැත්තියක් වන බැවින් ඇය සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් නොකරන බවත් විනිසුරුවරයා පැවසීය. පළමු විත්තිකරුගේ බාල සොහොයුරිය, විත්තිකරුවන්ගේ බාල දියණියගේ භාරකාරත්වය භාර ගැනීමට ඉදිරිපත් වූවාය.
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් සිදු කළ විමර්ශන උධෘත අනුව නීතිපතිවරයා විසින් මෙයට වසර 13කට පමණ පෙර සිදු වූ මෙම අපරාධයට එරෙහිව නඩු පවරා තිබිණි.
මෙම නඩු තීන්දුව මගින් ශ්‍රී ලංකාවේ අධිකරණ ක්‍රියාදාමය තුළ බාල වයස්කාර දරුවන්ට එරෙහි අපරාධ සඳහා දැඩි දඬුවම් ලබාදීමේ ප්‍රවණතාවය පෙන්නුම් කරන අතර, විශේෂයෙන් විශ්වාසය තබා සිටි පුද්ගලයන් විසින් සිදු කරනු ලබන එවැනි අපරාධවලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවය අවධාරණය කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval