student-dies-after-eating-poisonous-fruit-to-scare-boyfriend

පෙම්වතා කතා නොකි­රීම නිසා සිත් වේද­නා­වට පත් පාසල් සිසු­වි­යක් විෂ සහිත ගෙඩි වර්ග­යක් කෑමෙන් රෝගීව මිය­ගොස් ඇතැයි දිය­බෙ­දුම පොලී­සිය පව­සයි. මෙසේ මිය­ගොස් ඇත්තේ දිය­බෙ­දුම කටු­කැ­ලි­යාව ගම්මා­නයේ පදිංචි 17 හැවි­රිදි තරු­ණි­යකි.

ගිරි­තලේ ප්‍රදේ­ශයේ විදු­හ­ලක උසස් පෙළ විභා­ග­යට ඉගෙ­නුම ලැබූ ඇය පොලො­න්න­රුව සුංගා­විල ප්‍රදේ­ශයේ තරු­ණ­යකු සමඟ සම්බ­න්ධ­යක් පව­ත්වා­ගෙන ගොස් ඇති බව ද

ටික දිනක සිට තරු­ණයා කතා නොකළ නිසා සිත් තැවු­ලට පත්ව ගිරි­තලේ 5 කණුව ගම්මා­නයේ ඇයගේ ආච්චිගේ නිව­සේදී මෙසේ විෂ සහිත ගෙඩි වර්ග­යක් කා තිබේ. මේ විෂ ගෙඩි ආහා­ර­යට ගෙන ඇත්තේ ප්‍රේම සම්බ­න්ධ­යක් පව­ත්වා­ගෙන ගිය තරු­ණයා බිය ගැන්වී­මට මිස ජීවිත හානි කර ගැනී­මට නොවේ යැයි ඇය මිය යෑමට පෙර ආච්චි සමඟ පවසා ඇති බව ද මරණ පරී­ක්ෂ­ණයේ දි අනා­ව­ර­ණය වී තිබේ.⁣විෂ ගෙඩි කෑමෙන් රෝගා­තුර වූ ඇය පොලො­න්න­රුව රෝහලේ ප්‍රති­කාර ලබ­මින් සිටි­යදී මිය­ගොස් තිබේ. ඇයගේ මරණ පරී­ක්ෂ­ණය පොලො­න්න­රුව රෝහලේ දී සිදු කෙරුණු අතර දිය­බෙ­දුම පොලී­සිය වැඩි­දුර පරී­ක්ෂණ පව­ත්වයි.