sri-lankan-woman-and-her-son-arrested-for-killing-elderly-woman-and-stealing-gold-in-india

ඉන්දියාවේ පරමකුඩි හි වැඩිහිටි කාන්තාවකගේ නිවසේදී ඇය සතු වස්තු ලබා ගැනීමේ අරමුණින් ඇය ඝාතනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික කාන්තාවක් සහ ඇගේ පුතා සිකුරාදා දින අත්අඩංගුවට ගෙන ඇතැයි ද හින්දු පුවත්පත වාර්තා කරයි.


එරට පොලිසිය සඳහන් කර ඇත්තේ,

කරූර් ප්‍රදේශයේ සිට පැමිණි ශ්‍රී ලාංකික කාන්තාවක් වන අන්නලක්ෂ්මි (52) මියගිය පරමකුඩි හි ඥානසවුන්දරි (92) ගේ නිවසේ සේවිකාවක් ලෙස සේවය කළ බවයි. අන්නලක්ෂ්මි වැඩිහිටි කාන්තාවගේ මරණය පිළිබඳව ඇගේ ඥාතීන්ට දැනුම් දී ඇත.
පරමකුඩි නගර පොලිසියට මෙම සිදුවීම දැනුම් දී ඇති අතර, වැඩිදුර විමර්ශනයකින් පසු වැඩිහිටි කාන්තාවගේ නිවසින් පවුම් හතහමාරක ස්වර්ණාභරණ අතුරුදහන් වී ඇති බව හෙළි විය.
සේවිකාව සමඟ කළ විමර්ශනයේදී, ඇය රාත්‍රී කාලයේදී වැඩිහිටි කාන්තාව මරා දමා ඇති බවත්, රන් ආභරණ කරූර් සිට පැමිණි ඇගේ පුතා වන ප්‍රභු (36) ට ලබා දී ඇති බවත් හෙළි විය.
පොලිසිය මෙම කාන්තාව සහ ඇගේ පුතා අත්අඩංගුවට ගෙන ආභරණ ද සොයාගෙන ඇති අතර ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ග සිදුවේ.