specialist-dentist-electrocuted-to-death

 
විශ්‍රා­මික විශේ­ෂඥ වෛද්‍ය­ව­ර­යකු ඔහුට අයත් අලු­තින් ඉදි­ක­ර­මින් පව­තින දෙම­හල් ගොඩ­නැ­ඟි­ල්ල­කදී විදුලි සර වැදී­මෙන් ජීවි­ත­ක්ෂ­යට පත්ව ඇතැයි රත්න­පුර පොලී­සිය පව­සයි.

විදුලි සර වැදී­මෙන් මෙලෙස මිය­ගොස් ඇත්තේ විශ්‍රා­මික දන්ත විශේ­ෂඥ වෛද්‍ය­ව­ර­යකු වූ රංජිත් ලාල් කන්දේ­වත්ත (65) මහ­තාය.

මෙලෙස විදුලි සර වැදී­මෙන් මිය­ගිය වෛද්‍ය­ව­ර­යාට අයත් රත්න­පුර මල්වල ප්‍රදේ­ශයේ ගොඩ­නැ­ඟි­ල්ලක් තුළදී මෙම අන­තුර සිදුව ඇත්තේ පෙරේදා (17) සව­සය. මිය­ගිය විශේ­ෂඥ වෛද්‍ය­ව­ර­යාගේ හදිසි මරණ පරී­ක්ෂ­ණය රත්න­පුර ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරී­ක්ෂක ටී.එම්. හරින්ද්‍ර ලක්මිණ තෙන්න­කෝන් මහතා විසින් සිදු කළේය.



එහිදී සාක්කි දුන් එන්.පී. චමින්ද නාලක යන අය සඳ­හන් කළේ තමා විශේ­ෂඥ ‍ෙවෙද්‍ය­ව­ර­යාට අයත් රත්න­පුර මල්වල ගොඩ­නැ­ඟි­ල්ලක පෙද­රේ­රු­වකු ලෙස සේවය කළ බවයි.

සිද්ධිය වූ දින (17) උදෑ­සන තමා තවත් සහා­ය­ක­යකු සමඟ එහි සේවය කර­මින් සිටි­යදී ‍ෙවෙද්‍ය­ව­රයා ජලය ඉසින පීඩන යන්ත්‍ර­ය­කින් ගොඩ­නැ­ඟිල්ලේ පඩි පෙළ සෝද­මින් සි‍ටි බවත් තමාත් සහ­ය­ක­යාත් අසල කඩ­ය­කට ගොස් තේ පානය කර එද්දී ‍ෙවෙද්‍ය­ව­රයා බිම වැටී සිටි බවත් සාක්ෂි­කරු පැවැ­සීය. ජලය ඉසින යන්ත්‍රය සහ විදුලි රැහැන් කිහි­ප­යක් බිම වැටී තිබුණු බැවින් ප්‍රධාන විදුලි මේනුව වසා­දමා කන්දේ­වත්ත මහතා ත්‍රිරෝද රථ­ය­කින් රත්න­පුර රෝහ­ලට රැගෙන යෑමට පිටත් වූ බවත්

ඔහුගේ බිරිය වන ‍ෙවෙද්‍ය­ව­රි­යට සහ පුතා වන ‍ෙවෙද්‍ය­ව­ර­යාට දුර­ක­ත­න­යෙන් සිද්ධිය දැනුම් දුන් බවත් සාක්කි­කරු පැවැ­සීය.

රත්න­පුර ශික්ෂණ රෝහලේ අධි­ක­රණ වෛද්‍ය විශේ­ෂඥ උත්පල ආටි­ගල මහතා විසින් පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය සිදු කරන ලද අතර එහිදී නිග­ම­නය වූයේ විදුලි සර වැදී­මෙන් මර­ණය සිදුවී ඇති බවය.