උණ විකාරයෙන් දැඟලූ සිය පුතු අල්ලා ගැනීමට ගොස් බසයකට යටවී සංවර්ධන නිලධාරිනියක ජීවිතක්ෂයට පත්ව ඇතැයි වෙන්නප්පුව පොලීසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ පුත්තලම දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන සේවා කාර්යාලයේ සේවය කළ ප්‍රියංකා ලක්මිණි නමැත්තියකි.
රෝගී වූ 18 හැවිරිදි පුතාට ප්රතිකාර ලබාදීමට මෝටර් රථයකින් මාරවිල රෝහලට යන අතරතුර පුතා දැඟලීම හේතුවෙන් වාහනය නවත්වා ඉන් බැස පුතා පාලනය කර ගැනීමට ඇය උත්සාහ දරා ඇතැයි කියයි.
ඒ අවස්ථාවේදී යාපනයේ සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක මව ගැටී තිබේ. එහිදී පුතා බස් රථය යටට ගොස් සැඟව සිට ඇති බවත් පසුව අතුරුදන් වූ බවත් වාර්තා වෙයි. ඔහු නැවත සොයාගෙන ඇත්තේ ඊයේ (17) පස්වරුවේ බව පොලීසිය කියයි. මරණකාරිය ගමන් ගත් වාහනය ද බස් රථයේ ගැටී ඇති අතර රියැදුරා හා වාහන දෙක පොලිස් භාරයට ගෙන ඇත.
මියගිය කාන්තාවගේ 18 හැවිරිදි පුතා මාරවිල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු රාගම මහ රෝහලට මාරු කර යවා ඇත. මිය ගිය කාන්තාවගේ මරණ පරීක්ෂණය ඊයේ (17) දහවල් මාරවිල මුලික රෝහලේදී පැවැත්විණි. වෙන්නප්පුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Comments
Post a Comment
Your comment will be visible after approval