signs-of-trouble-for-a-group-of-prison-bosses

 විශේ­ෂිත දින­ව­ලදී ජන­පති පොදු සමාව දුන් සිර­ක­රු­වන්ගේ ලේඛ­නයේ නම් සඳ­හන් නොවන සිර­ක­රු­වන් අනී­තික ලෙස නිද­හස් කිරීම සම්බ­න්ධ­යෙන් කෙරෙන විම­ර්ශ­න­යට අදා­ළව බන්ධ­නා­ගා­රයේ ඉහළ නිල­ධා­රීන් රැස­ක­ගෙන් ප්‍රශ්න කිරී­මට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව සූදා­න­මින් සිටියි.





එසේ අනී­ති­කව නිද­හස් කළ සිර­ක­රු­වන් හඳුනා ගැනී­මක් මේ වන විට සිදු කර­මින් පව­තින බවත් ඒ අයව අත්අ­ඩං­ගු­වට ගෙන නැවත බන්ධ­නා­ගා­ර­ගත කිරී­මට අවශ්‍ය පිය­වර ගනු ඇති බවත් උසස් පොලිස් නිල­ධා­රි­යෙක් පැව­සීය.

කාල­යක් තිස්සේම බන්ධ­නා­ගා­රය තුළ මෙවැනි දේවල් සිදුව ඇති බව විම­ර්ශ­න­ව­ලින් පෙනී ගොස් තිබේ.

“අනු­රා­ධ­පුර බන්ධ­නා­ගා­රයේ පම­ණක් නෙමෙයි මේ දේවල් සිදුව තිබෙන්නේ. තවත් බන්ධ­නා­ගාර රැසක සිදු­වෙලා තිබෙ­නවා. ඒ නිසා හැම බන්ධ­නා­ගා­ර­ය­කින්ම නිද­හස් කළ සිර­ක­රු­වන්ගේ ලේඛන මේ වන විටත් පරී­ක්ෂා­වට ලක්වෙ­මින් තිබෙ­නවා. පරී­ක්ෂණ අව­සන් වන විට බන්ධ­නා­ගා­රයේ තවත් නිල­ධා­රීන් කිහි­ප­දෙ­නකු අත්අ­ඩං­ගු­වට පත්වී­මට ඇති ඉඩ­කඩ වැඩියි.” යැයි ද එම උසස් පොලිස් නිල­ධා­රියා පැව­සීය.