sathosa-bosses-pressured-to-pay-salaries-to-employees-appointed-by-johnston-payroll-processing-officer

සතොස සේව­ක­යන් සිය නිල රාජ­කා­රි­ව­ලින් බැහැ­රව දේශ­පා­ලන හා පෞද්ග­ලික කට­යු­තු­වල යෙද­වී­මෙන් රජ­යට පාඩු කළ බවට චෝදනා කර­මින් හිටපු වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනා­න්දුට එරෙ­හිව පවරා ඇති සතොස සිවු­වැනි නඩුවේ සාක්ෂි විභා­ගය කොළඹ මහා­ධි­ක­ර­ණ­යේදී සිදු කෙරිණි.



කොළඹ ප්‍රධාන මහා­ධි­ක­රණ විනි­සුරු ආදිත්‍ය පට­බැඳි මහතා ඉදි­රියේ නඩුව කැඳවූ අව­ස්ථාවේ ඇප මත මුදා­හැර සිටින හිටපු වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු අනෙ­කුත් විත්ති­ක­රුවෝ අධි­ක­ර­ණය ඉදි­රියේ පෙනී සිටි­යහ.

එහිදී පැමි­ණිල්ලේ 7 වැනි සාක්ෂි­කරු වන සතොස හිටපු වැටුප් සැක­සීමේ නිල­ධාරි මෙරි­න්නගේ කොස්තා නමැත්තා, ජනා­ධි­පති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා විත්තිය පාර්ශ්වය වෙනු­වෙන් විම­සන ලද හරස් ප්‍රශ්න­ව­ලට උත්තර දෙමින් මෙසේ කියා සිටි­යේය.



“සතොස ආය­ත­නයේ සේවය කළ අනි­යම්, ස්ථිර හා කොන්ත්‍රාත් සේව­ක­යන්ගේ වැටුප් සැක­සීම මට පැවරී තිබුණා. සම­හර සේව­ක­යන්ට කළ ගෙවීම් ප්‍රශ්න­ ස­හ­ගත වුණා. එවැනි අඩු­පාඩු තිබුණු ගෙවීම් නවත්වා තිබෙන විට ඒවාට ගෙවීම් කරන ලෙස සතොස සභා­ප­ති­ව­රයා හෝ ක්‍රියා­කාරී අධ්‍ය­ක්ෂ­ව­රයා බල­පෑම් කළා. සතොස සේව­ක­යන් සමු­ප­කාර අමා­ත්‍යාං­ශයේ සේවය කරන ආකා­රය මා දුටුව නමුත් ඔවුන්ට වැටුප් ගෙවන ආකා­රය පිළි­බඳ දෙපා­ර්ශ්වය ඇති කර­ගත් ගිවි­සු­මක් ගැන මා දැන සිටියේ නැහැ.“ යැයි කීය.

විත්තියේ නීතිඥ: “ඔබ සතොස ආය­ත­නයේ සේව­යට පැමි­ණියේ කුමන ඇමැ­ති­ව­ර­යාගේ කාල­යේදී” ද?

සාක්ෂි­කරු: “කිංස්ලි ටී. වික්‍ර­ම­රත්න ඇමැ­ති­ව­ර­යාගේ කාල­යේදී”.

විත්තියේ නීතිඥ: “ඔබ ඔහු හඳු­න­නවා ද?”

සාක්ෂි­කරු: “නැහැ. මම ඔහු පෞද්ග­ලි­කව දන්නේ නැහැ.”

විත්තියේ නීතිඥ: “ඔබේ සේවා කාලයේ සිටි අනෙක් ඇමැ­ති­වරු කවුද?”

සාක්ෂි­කරු: “බන්දුල ගුණ­ව­ර්ධන, රිෂාඩ් බදි­යු­ර්දීන්, ජොන්ස්ටන් ප්‍රනාන්දු යනා­දීන් ඇමැ­ති­වරු හැටි­යට හිටියා.”

විත්තියේ නීතිඥ: “ජොන්ස්ටන් ඇමැ­ති­ව­රයා පත්වී­මට පෙර වොක්ෂෝල් වීදියේ බිල්ඩිමේ බොහෝ මහල් හිස්ව තිබුණු බව ඔබ දන්නවා ද?”

සාක්ෂි­කරු: “මේ ගොඩ­නැ­ඟිල්ලේ මහල් 10ක් තියෙ­නවා. එම මහල් භාවිත නොකර තිබුණු බවත් මා දන්නේ නැහැ.”



විත්තියේ නීතිඥ: “බන්දුල ගුණ­ව­ර්ධන ඇමැ­ති­ව­ර­යාගේ කාල­යේදී වෙළෙඳ අමා­ත්‍යාං­ශය යටතේ තිබෙන පාරි­භෝ­ගික කට­යුතු අධි­කා­රිය වොක්ෂෝල් වීදියේ ගොඩ­නැ­ඟි­ල්ලෙන් ඉවත් කර මාසි­කව මිලි­යන 7.2ක කුලි­ය­කට පෞද්ග­ලික ආය­ත­න­යක පව­ත්වා­ගෙන ගෙන ගිය බව මා යෝජනා කර­නවා.”

සාක්ෂි­කරු: “මා. ඒගැන කිසි­වක් දන්නේ නැහැ.”

විත්තියේ නීතිඥ: “එප­ම­ණක් නෙමෙයි. ඒ ගොඩ­නැ­ඟිල්ලේ අවු­රුදු 4ක කුලිය එක­වර ගෙවූ බව ඔබ දන්නවා ද?”

සාක්ෂි­කරු: “මා ඒගැන දන්නේ නැහැ.”

සාක්ෂි­කරු: “ඔබ මගේ සේවා­දා­ය­ක­යාට විරු­ද්ධව සාක්ෂි දෙන්නේ පෞද්ග­ලික තර­හක් නිසා කියලා මම යෝජනා කර­නවා?”

විත්තියේ නීතිඥ: “මට ඔවුන් සමඟ කිසිම පෞද්ග­ලික තර­හක් නැහැ.”

හරස් ප්‍රශ්න අව­ස­න්වී­මෙන් පසු නඩුව ලබන ජූලි 07දා යළි කැඳ­වී­මට නියම කළ මහා­ධි­ක­රණ විනි­සුරු ආදිත්‍ය පට­බැඳි මහතා එදින අධි­ක­ර­ණයේ පෙනී සිටින ලෙස සාක්ෂි­ක­රු­වන්ට අව­වාද කළේය. පැමි­ණිල්ලේ 34 වැනි සහ 42 වැනි සාක්ෂි­ක­රු­වන් වන ජේ.එච්.එම්. කුමා­රි­හාමි නොහොත් පාතිමා රිෂානා නමැ­ත්තිය සහ කේ.එම්. තිස්ස තිලක බණ්ඩාර එදින සාක්ෂි දීමට නිය­මි­තය.

සමු­ප­කාර, අභ්‍ය­න්තර සහ වෙළෙඳ ඇමැ­ති­ව­රයා වශ­යෙන් කට­යුතු කර­මින් 2012 වස­රේදී සතොස ආය­ත­නයේ සේව­ක­යන් නිල රාජ­කා­රි­ව­ලින් බැහැ­රව දේශ­පා­ලන කට­යු­තු­වල යොදවා වැටුප් හා දීමනා ලෙස රුපි­යල් 86,47,224ක මුද­ලක් ගෙවී­මෙන් රජ­යට පාඩු කළ බවට චෝදනා කර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙ­න­කුට එරෙ­හිව අල්ලස් කොමි­සම විසින් නඩු පවරා තිබේ.

සමු­ප­කාර, අභ්‍ය­න්තර සහ වෙළෙඳ හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනා­න්දුට අම­ත­රව පී. එරාජ් ට්‍රියන්ත ප්‍රනාන්දු සහ කේ.එම්. මොහො­මඩ් ෂාකීර් යන මහ­ත්වරු මෙම නඩුවේ සෙසු චුදි­තයෝ වෙති.



අල්ලස් පනතේ 70 වැනි වග­න්තිය යටතේ හා දණ්ඩ නීති­සං­ග්‍ර­හයේ 113, 102 වගන්ති යටතේ දූෂ­ණය නමැති වර­දට හා එයට අන් අය පෙළ­ඹ­වීමේ චෝද­නාව යටතේ අධි­චෝ­දනා 4ක් යටතේ නඩු පවරා ඇත.

අල්ලස් හෝ දූෂණ කොමි­සමේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජන­රාල් ගංගා හෙයි­ය­න්තු­ඩුව, සහ­කාර අධ්‍යක්ෂ අමා විජ­ය­සිංහ සමඟ නීති­පති දෙපා­ර්ත­මේ­න්තුවේ නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රාල් වසන්ත පෙරේරා යන මහත්ම මහ­ත්මීහු නඩු මෙහෙ­ය­වූහ. ජනා­ධි­පති නීතිඥ සම්පත් මෙන්ඩිස් සමඟ නීතිඥ වසීම් අක්‍රම් මහතා විත්තිය වෙනු­වෙන් පෙනී­සි­ටි­යහ.