ත්‍රිකුණාමලය - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ (A-15) තංගනගර් ප්‍රදේශයේදී ඉකුත් 17 වැනිදා රාත්‍රියේ සිදුවූ ත්‍රිරෝද රථ හා බවුසර් රථ අනතුරකින් ත්‍රිරෝද රථයේ ගමන් ගත් විශ්‍රාමික වෛද්‍යවරයකු මියගොස් ත්‍රිරෝද රථ රියැදුරා බරපතළ තුවාල ලබා ඇතැයි සේරුනුවර පොලීසිය පවසයි.
මියගිය වෛද්‍යවරයා සේරුනුවර ප්‍රදේශයේ රජයේ රෝහල් කිහිපයක දීර්ඝ කාලයක් සේවය කර කාගේත් හොඳ හිත දිනාගෙන සිටි වෛද්‍යවරයකු වන අතර විශ්‍රාම යාමෙන් පසු පෞද්ගලික ඩිස්පෙන්සරියක් පවත්වාගෙන ගොස් ඇතැයි පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ දැරණියගල පදිංචි 65 හැවිරිදි දික්ඇල්ලේ ගෙදර නිමල් කැල්වින් නමැති විශ්‍රාමික වෛද්‍යවරයකු වන අතර, ත්‍රිරෝද රථය පැදවූ තෝපූර් පදිංචි මොහොමොඩ් ලාපීර් ඇමති අය බරපතළ තුවාල ලබා මූතූර් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය මහ රෝහලට මාරු කර තිබේ. අනතුර සිදු කළ බවුසර් රථ රියැදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු මූතූර් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලීසිය කටයුතු යොදා තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් සේරුනුවර වැඩබලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රභාත් දයානන්ද මහතාගේ මෙහෙයවීම යටතේ වැඩිදුර පරීක්ෂණ සිදු කෙරේ. බවුසරය ත්‍රිකුණාමලයේ සිට මඩකලපුවට ගමන් කර ඇති අතර ත්‍රීරෝද රථය වෛද්‍යවරයා රැගෙන ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ගමන් කරද්දී සිදුවීමට ගිය අනතුරක් වැළැක්වීමට ත්‍රිරෝද රථ රියැදුරා උත්සාහ කරද්දී මෙම අනතුර සිදුවී ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.
මියගිය විශ්‍රාමික වෛද්‍යවරයාගේ මෘතදේහය සේරුනුවර රෝහලේ තැන්පත් කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් සේරුනුවර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙනයයි.
Comments
Post a Comment
Your comment will be visible after approval