ග්‍රෑන්ඩ්පාස්, තොටලඟ, “මට්ටක්කුලිය, මෝදර, නාගලගම්වීදිය,කොටහේන ආදී ප්‍රදේශ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ පාරාදීසයන්ය. මහ පරිමාණයෙන් කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම මෙන්ම සුළු පරිමාණයෙන් මත්ද්‍රව්‍ය විකුණා ඛෙදාහරින පුද්ගලයන්ද මෙම පොලිස් වසම් තුළ රහසිගතව සිය ජාවාරම්වල යෙදෙති. එමෙන්ම මතට ඇබ්බැහිවූවෝද මෙම වසම්වල බොහෝ වෙති. මේ නිසා මෙම වසම්වල ස්ථාපිත පොලිස් ස්ථානවල
රාජකාරි කරන නිලධාර්න් මෙන්ම කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාරීන්ද මෙවන් ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් විමසිලිමත්ව සිටියි. මෙම අවධානය සහ විමසිලිමත්භාවය නිසා දැඩි ලෙස මතට ලොල් වී අපරාධවල නියැළෙන පිරිස් නිරන්තරයෙන් මෙම වසම්වල පොලිස් ස්ථානවලට කොටුවෙති.කොළඹ දිසාව තුළ ස්ථාපිත අපරාධ විමර්ශන ඒකක කිහිපයක්ම ස්ථාපිත කර ඇතත් පසුගිය දින කිහිපය තුළ කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාන්ට සිය කොට්ඨාසය තුළ සිදුවන්නට ගිය අපරාධ රැසකට අදාළ සැකකරුවන් කිහිපදෙනකුම ගිනි අවිද සමඟ අත්අඩංගුවට ගැනීමට හැකි විණි.
ඒ එහි වත්මන් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොෂාන් සංජීව ඇතුළු එම ඒකකයේ නිලධාරීන්ගේ නොමඳ හැකියාව හේතුවෙනි. මෙම අපරාධ වැළැක්වීම සඳහා එම කොට්ඨාසයේ ස්ථාපිත බුද්ධි නිලධාරීන්ද ලබාදෙන්නේ අගනා සහායකි. බුද්ධි නිලධාර්න්ගේ සහ විමර්ශන නිලධාර්න්ගේ උනන්දුව මත එම වසම් තුළත් මිනිස් ඝාතන සඳහා ගෙන එනු ලැබූ
පිස්තෝල සහ ටී-56 ගිනි අවිද පසුගියදා සොයා ගැනීමට එම නිලධාරීන්ට හැකි විණි. මෙම ගිනි අවි අත්අඩංගවට ගැනීමත් සමඟ එම ගිනි අවිවලින් මනුෂ්‍ය ඝාතන සිදුකිරීමට ගත් උත්සාහයන් වැළකී යෑමත් නිසා සිදුවන්නට ගිය අපරාධ රැසක්ම වළකා ගැනීමට නිලධාරීන්ට හැකියාව ලැබිණි.
බ්ලුමැන්ඩල් ප්‍රදේශය කේන්ද්‍ර කොටගෙන මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන විදේශගතව සිටින බ්ලූමැන්ඩල් රවී නමැත්තාගෙන් පසුගියදා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි ඔහුගේ සමීපතමයකුට දුරකථන ඇමතුමක් ලැබිණි. මෙම සමීපතමයා පාතාලයේ පුද්ගලයන් ඇසුරු කරන, ප්‍රදේශයේ පුද්ගලයන් කපාකොටා දැමීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාරගතව සිට මෑතකදී ඇප ලබා නිදහස්ව පැමිණි අයෙකි. බන්ධනාගාර ගතවීමත් සමඟ තම ආදායම් මාර්ග ඇනහිටීමෙන් ආර්ථික අතින්ද කඩා වැටී සිටි මොහු බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පදිංචි විදෙස්ගතව සිටි සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ඇමතුමට සාර්ථක ප්‍රතිචාර දක්වන ලදී.
'මම උඹට බඩු වගයක් එවන්නම්. ඒක උඹ පරිස්සමින් හංගලා තියාගනින්. මම කියනකොට ඒවා අරගෙන ගිහින් ලොකේෂන්වල තියපන්. මම උඹටත් ගාණක් දෙන්නම්. අතේ සතේ නැතිව සිටි ඔහු විදෙස්ගතව සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ කීමට අවනත වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඈෂ් නමැති මත්ද්‍රව්‍ය කිලෝ 16ක්, කේරළ ගංජා කිලෝවක් සහ මල්පෙති විශාල තොගයක්ද ලැබිණි. එලෙස ලැබුණු මත්ද්‍රව්‍ය තොගය ඉතා සූක්ෂ්ම ලෙස රැගෙන ගිය සැකකරු එය සිය නිවෙසක සැඟ වූයේ ජාවාරම්කරුගේ උපදෙස් ලැබුණු සැණින් ඒවා අදාළ ස්ථානවලට ලොකේෂන් තැබීමේ අරමුණෙනි.
ඉකුත්දා මොහුට විදෙස්ගතව සිටින බ්ලූමැන්ඩල් රවීගෙන් නැවතත් ඇමතුමක් ලැබිණි.
ඔය බඩුවලින් කිලෝ 7ක් මෝදර ලෙල්ලමට අරගෙන පලයන්. බයික් එකකින් කෙනෙක් ඒවි ඔය ටික ගන්න. මගේ නම කියයි. එයාට බඩු ටික දීපන්.මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ එම උපදෙසට අනුව සැඟවූ ඈෂ් මත්ද්‍රව්‍ය කිලෝ 16න් කිලෝ 7ක් වෙනම ඇසුරූ මෙම සැකකරු එය රැගෙන මෝදර ලෙල්ලමට ගියේ එය අලෙවි කිරීමෙන් පසු තමන්ගේ අතට යහමින් මුදලක් ලැබෙන බව දන්නා නිසාවෙනි. එහෙත් මේ අතර මේ සම්බන්ධයෙන් රහසිගත තොරතුරක් බස්නාහිර පළාත් බුද්ධි අංශයේ නිලධාරියකුටද ලැබිණි. වහා එම තොරතුර එම නිලධාරීන් විසින් කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සංජීව වෙත ලබාදුන්නේ ඈෂ් මත්ද්‍රව්‍ය තොගය සමඟ සැකකරු ලෙල්ලමට පැමිණෙන බව දන්වමිනි.
ලැබුණු බුද්ධි තොරතුර පසෙක නොදැමූ ප්‍රධාන පොලිස් පක්ෂකවරයා උප පොලිස් පරීක්ෂක මධුශංක ඇතුළු කණ්ඩායමක් වහා මෝදර ලෙල්ලම වෙත යැව්වේ ඔවුනට ධීවරයන් සේ පෙනී සිටිමින් කෙසේ හෝ මෙම මත්ද්‍රව්‍ය තොගය සමඟ සැකකරු කොටුකර ගන්නා ලෙස උපදෙස් රැසක්ද ලබා දෙමිනි. මේ බඩු ටික කොහොම හරි අල්ල ගන්න ඕන. ස්ථානාධිපතිවරයාගේ උපදෙස්වලට අනුව මෝදර ලෙල්ලමට ගිය නිලධාර්න් ධීවරයන් සේ හැසිරෙමින් සිය ඉලක්කය පැමිණෙන තුරු ඒ අවට රැදී සිටි අතර ලැබුණු බුද්ධි තොරතුරු සාක්ෂාත් කරමින් පුද්ගලයකු අත්අඩංගුවට ගැනුණේ ඈෂ් කිලෝ 7ක්ද සමඟිනි.
“කොහෙන්ද උඹට මේ බඩු” නිලධාරීන් සැකකරුගෙන් ප්‍රශ්න කරන්නට විය.
“මේවා බ්ලූමැන්ඩල් රවීගේ... එයා තමයි මට එව්වේ.
"කෝ අනිත් බඩු ටික ” නිලධාර්න් රඟපෑමක්ද කරමින් ඔහුගෙන් ප්‍රශ්න කරන්නට වූ අතර ඔහු නිලධාරීන්ගේ උගුලට හසු විණි. “ඉතුරු ටික කැලණියේ මගේ ගෙදර තියෙනවා සර් සැකකරු පවසන්නට විය. එහිදී අනාවරණය වන්නේ විදේශගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ උපදෙස් මත මෙම සැකකරු සිය බිරිය සමඟ ජීවත්වීම සඳහා කැලණිය ප්‍රදේශයේ කුලී පදනම මත නිවෙසක් මිලදීගෙන මෙම මත්ද්‍රව්‍ය තොගය එම නිවෙසේ සඟවාගෙන ඇති බවය.
ඒ අනුව උප පොලිස් පරීක්ෂක මධුශංක මේ බව සිය ස්ථානාධිපතිවරයා දැනුවත් කළ අතර ඔහුගේ උපදෙස් මත එම කණ්ඩායම ඊළඟට ගියේ කැලණිය, ගෝනවල ප්‍රදේශයේ සැකකරුගේ නිවෙස පරීක්ෂා කිර්ම සඳහාය. ගෝනවලට ගිය නිලධාරීන් සැකකරුගේ නිවෙස පරීක්ෂා කළ අතර නිවෙසේ තිබී තවත් ඈෂ් මත්ද්‍රව්‍ය කිලෝ 9ක්ද, මත්පැති 1,100ක්ද, කේරළ ගංජා කිලෝ 1ක්ද සොයා ගැනීමට නිලධාරීන්ට හැකි විණි.
නිලධාර්න් සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමෙන් පසු අනාවරණය වන්නේ එම මත්පැති තොගය එම ප්‍රදේශවල ස්ථාපිත පාසල්වල උසස් පෙළ හදාරන සිසුන් ඉලක්ක කරගෙන විකිණීම සඳහා සූදානම් කර තැබූ බවය. ඒ අනුව අත්අඩංගුවට ගැනුණු මුළු ඈෂ් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ 16කි. විමර්ශන නිලධාරීන් පවසන්නේ අත්අඩංගුවට ගැනුණු මුළු මත්ද්‍රව්‍ය තොගයේම වටිනාකම රුපියල් එක්කෝටි හැත්තෑපන් ලක්ෂයද ඉක්ම වන බවය.
කොටහේන, මෝදර, ග්‍රෑන්ඩ්පාස් සහ ඒ අවට ජීවත් වන මතට ඇබ්බැහි වූවන් සඳහා හෙරොයින් සහ අයිස් ඕනෑතරම් මිලදී ගැනීමට හැකි වුවද 'ඈෂ්', 'කුෂ්' සහ 'හෂීස්' අලෙවි වන්නේ ඉතා අඩුවෙනි. ඒ එම මත්ද්‍රව්‍ය විකිණීමට සහ බෙදාහැරීම සිදුකරන්නේ ඉතාමත් අඩු ජාවාරම්කරුවන් පිරිසක් හේතුවෙනි. එමෙන්ම මෙම මත්ද්‍රව්‍ය අලෙවියට වඩා අයිස් සහ කුඩු විකිණීමට මහ පරිමාණයෙන් සහ සුළු ප්‍රමාණයෙන් පිරිස් ඉදිර්පත් වන්නේ ඈෂ්, කුෂ් සහ හෂීස්වලට වඩා අයිස් සහ හෙරොයින්වලට වැඩි මිලක් මෙන්ම වැඩි ඉල්ලුමක්ද ඇති නිසාවෙනි. මේ බව හොඳාකාරවම දත් විදෙස්ගතව රැඳී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිය ගෝලබාලයන් යොදවාගෙන ඈෂ්, කුෂ් මත්ද්‍රව්‍ය ජාවාරම මෙලෙස සිදුකරන බව විමර්ශන නිලධාහු පවසති. එලෙස සැලසුම් කර තිබූ මහ පරිමාණ ඈෂ් මත්ද්‍රව්‍ය ජාවාරමක සුලමුල පසුගියදා අනාවරණය කර ගැනීමට කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාර්ක්ට මෙසේ හැකි විණි.26 හැවිරිදි සැකකරු මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
(කීර්ති මෙන්ඩිස්)
Comments
Post a Comment
Your comment will be visible after approval