වසංගත රෝග විශේෂඥ වෛද්‍ය තේජන සෝමතිලක මහතා අද දිනයේදී ප්‍රකාශ කළ ආකාරයට මැයි මාසය තුළ අනුරාධපුරයේ පුද්ගලයින් 6 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති අතර එක් කොරෝනා ආශ්‍රිත මරණයක්ද වාර්තා වී ඇත.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව මෙම රෝගීන් දැනට නිවෙස් වෙත පිටව ගොස් ඇති බව වාර්තා වේ.
තවද, අනුරාධපුර, සාලියවත්ත ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි පුද්ගලයෙකු අප්‍රේල් මාසයේදී කොරෝනා ආසාදනයට ලක්ව මිය ගිය බවද වෛද්‍ය තේජන සෝමතිලක මහතා සඳහන් කර ඇත.
මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ විසින් අවශ්‍ය පියවර ගනිමින් සිටින අතර, මහජනතාවට අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂිත පියවරයන් අනුගමනය කරන ලෙස උපදෙස් ලබා දී ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval