ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් එක්දින සේවය යටතේ සතියේ දින පහ තුළ පැය හතරක් ඇතුළත විදේශ ගමන් බලපත්‍ර ලබාදීමට කටයුතු කරන බව වැඩබලන ආගමන විගමන පාලක ජනරාල් චමින්ද පතිරාජ මහතා ප්‍රකාශ කර සිටියි.
මේ අනුව, රාත්‍රී කාලයේ දිගු පෝලිම්වල රැඳී සිටීමෙන් වළකින ලෙස ආගමන විගමන පාලක ජනරාල්වරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියි. වැඩබලන පාලක ජනරාල්වරයා පෙන්වා දුන්නේ එක්දින සේවය යටතේ දිනකට විදේශ ගමන් බලපත්‍ර 2,000ක් පමණ නිකුත් කරන බැවින් දිගු පෝලිම්වල රැඳී සිටීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.
පසුගිය කාලසීමාව තුළ විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා දිවා රාත්‍රී දිගු පෝලිම් පැවතීම හේතුවෙන්, සතියේ දිනවල විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ දිවා රාත්‍රී පැය 24 සේවාව ආරම්භ කර තිබුණි. කෙසේ වෙතත්, දැන් තදබදය සැලකිය යුතු ලෙස අඩු වී ඇති බැවින් වැඩකරන දිනවල උදෑසන 6.00 සිට පස්වරු 2.00 දක්වා පමණක් ටෝකන් පත්‍ර ලබාදීම සිදු කරන බව දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
දැනට පවතින නව ක්‍රමවේදය යටතේ අයදුම්කරුවන්ට පැය හතරක් වැනි කෙටි කාලයක් තුළ විදේශ ගමන් බලපත්‍රය ලබාගත හැකි වන අතර, මෙම ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුව විශේෂ පියවර ගෙන ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval