බේරුවල මස්සල සමඩ් මාවත ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ නිවෙසක සවිකර ඇති ස්වයංක්‍රීය ගේට්ටුවකට හසු වීමෙන් පුද්ගලයකු අවාසනාවන්ත ලෙස ඊයේ (16) පෙරවරුවේ මිය ගොස් ඇතැයි බේරුවල පොලීසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ බේරුවල, මහගොඩ, පදිංචි සෙයි නදීන් මොහොමඩ් නිසාම් (58) නමැත්තාය. මියගොස් ඇත්තේ එම ව්‍යාපාරිකයාගේ නිවෙසේ වසර ගණනාවක් සේවය කර ඇති අයකු බවද පොලීසිය කියයි.
මියගිය පුද්ගලයා උදෑසන 8.30ට පමණ ගේට්ටුවෙන් ඇතුළට පැමිණෙන විට එම ස්වයංක්‍රීය ගේට්ටුවට එකවරම පැමිණීමේදී සිරුර ගේට්ටුවට හසු වී ඇති බවට කරුණු හෙළිව ඇතැයි පොලීසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් බේරුවල පොලිස් ස්ථානාධිපති එම්.ආර් නවරත්න මහතාගේ උපදෙස් මත ප්‍රධාන පොලිස් පරීක්ෂක සරච්චන්ද්‍ර මහතා ඇතුළු නිලධාරීහු විමර්ශන සිදුකරති.
(අලුත්ගම - තුසිත කුමාරද සිල්වා)



