
මේ දිනවල ලෝකයේ විවිධ රටවල පැතිර යන කොවිඩ් රෝගය ශ්‍රී ලංකාවට බලපාන්නේ කොහොම ද? අලුත් කොවිඩ් රැල්ලේ භයානකකම මොනවගේ ද? පී. සී. ආර්. පරීක්ෂණ වැඩි කළ යුතු ද? සෞඛ්‍ය අංශ පවසන්නේ මේ සම්බන්ධයෙන් අනිසි බියක් ඇතිකර ගත යුතු නොවන බවයි. එසේනම් ජනතාව මේ සම්බන්ධයෙන් කටයුතු කළ යුත්තේ කෙසේ ද? යන කරුණු සම්බන්ධයෙන් අප සමඟ අදහස් දක්වා සිටියේ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයනාංශයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දිම ජීවන්දර මහතායි.
මේ දිනවල ලෝකයේ විවිධ රටවල පැතිර යන කොවිඩ් රෝගය ශ්‍රී ලංකාවට බලපාන්නේ කොහොම ද?
2025 මැයි අග වනවිට, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) නව COVID-19 ප්‍රභේදයක්, NB1.8.1 හඳුනාගෙන තිබෙනවා. එය ගෝලීය වශයෙන් රෝගීන් වැඩිවීමට දායක වෙනවා. Omicron JN.1හි උප පෙළපතක් වන මෙම ප්‍රභේදය, එහි වැඩි වන ව්‍යාප්තිය සහ මහජන සෞඛ්‍යයට ඇති විය හැකි බලපෑම් හේතුවෙන් “අධීක්ෂණය යටතේ පවතින ප්‍රභේදයක්” ලෙස නම් කර තිබෙනවා.
මේ ප්‍රභේදය පිළිබඳ දළ විශ්ලේෂණයක් කළහොත්, NB1.8.1 ලෙසින් නම් කර ඇති මේ කොරෝනා ප්‍රෙභ්දය මුලින්ම හඳුනා ගැනුණේ 2025 ජනවාරි මාසයේදී ගෝලීය ව්‍යාප්තිය සලකා බැලුවොත් NB1.8.1 රටවල් 22ක ව්‍යාප්ත වී ඇති බව දැකගන්න පුළුවන්. ලෝකයේම කොවිඩ් ව්‍යාප්තිය පහත පරිදි සැලකිය යුතු වැඩිවීමක් දක්නට ලැබෙනවා. බටහිර පැසිෆික් කලාපයේ අනුක්‍රමික රෝගීන්ගෙන් 8.9% සිට 11.7% දක්වා වැඩි වී තිබෙනවා. අමෙරිකාවේ 1.6% සිට 4.9% දක්වා වැඩිවීමක් පෙන්නුම් කරනවා. යුරෝපයේ රෝග ව්‍යාප්තිය 1.0% සිට 6.0% දක්වා වැඩි වී තිබෙනවා.
ආසියාවට මෙහි බලපෑම ඇති වූවා සේම මේ වනවිට ශ්‍රී ලංකාවට ද මෙහි බලපෑම ඇති වී තිබෙනවා. අපට නිශ්චිත දත්ත නොමැති නමුත්, වර්තමාන ශ්වසන පත්‍රිකාවේ රෝග ලක්ෂණ COVID 19 සහ ඉන්ෆ්ලුවෙන්සා මඟින් දායක විය හැකි බව පෙන්නුම් කරනවා. ඒ අනුව සිදු කරනු ලැබූ පී. සී. ආර්. පරීක්ෂණ මඟින් එය තහවුරු කරගෙන හඳුනාගත් රෝගීන් වෙත ප්‍රතිකාර කරන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.
අලුත් කොවිඩ් රැල්ලේ භයානකකම පෙර සේ නොවන බවයි සමාජයේ මතය වී තිබෙන්නේ. ඇත්තටම එහි බලපෑම කෙබඳු ද?
මේ ප්‍රභේදය මිනිස් සෛල ආසාදනය කිරීමේ හැකියාව වැඩිදියුණු කළ හැකි ස්පයික් ප්‍රෝටීනයේ වෙනස්කම් (උදා: T22N, F59S, G184S, A435S, V445H, T478I) ඇතුළත්.
ලැබී ඇති වත්මන් දත්තවලින් අපට පෙනී යනවා NB.1.8.1 පෙර ප්‍රභේද හා සසඳනවිට වඩාත් දරුණු රෝගාබාධවලට තුඩු දෙන තරම් භයානක තත්ත්වයක් නොවන බව. විශේෂයෙන් එන්නත් කරන ලද පුද්ගලයන්ට ආසාදනය වීම අවම මට්ටමක පවතිනවා.
නව ප්‍රභේදයේ රෝග ලක්ෂණ හා පෙර පැවති කොවිඩ් 19හි සමාන අසමානතා මොනවා ද?
NB1.8.1 හා සම්බන්ධ රෝග ලක්ෂණ පෙර COVID-19 ක්‍රියාවලට පුළුල් ලෙස සමාන බවක් පෙන්නුම් කරනවා. ඒ අනුව එහි රෝග ලක්ෂණ වන උගුරේ අමාරුව, තෙහෙට්ටු ගතිය, උණ හා මෘදු කැස්ස ප්‍රධාන රෝග ලක්ෂණ ලෙස හඳුනාගෙන තිබෙනවා. ඒ වගේම මාංස පේශි වේදනාව හා නාසය සිරවීමෙන් ද මේ රෝගීන් පීඩාවට පත්වන බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.
සැලකිය යුතු ලෙස, කටහඬ ගොරෝසු බව, උගුර බැරැන්ඩිවීම, කටහඬ වෙනස්වීම පෙර ප්‍රභේදවලින් එය වෙන්කර හඳුනා ගන්නා පොදු රෝග ලක්ෂණයක් ලෙස මතු වී තිබෙනවා. සමහර අවස්ථාවල ආමාශ ආන්ත්‍රික රෝග ලක්ෂණ ද වාර්තා වී ඇති බවයි වෛද්‍යවරුන් සඳහන් කරන්නේ.
නැවත එන්නත් ලබාගැනීමේ අවශ්‍යතාවක් තිබෙනවා ද? නොඑසේනම් ලබාගත් එන්නත් නව ප්‍රභේදයට බලපාන්නේ කෙසේ ද?
මේ වනවිට වෛද්‍ය පර්යේෂණ ආයතන මඟින් සිදු කරනු ලැබූ පර්යේෂණවලදී නව ප්‍රභේදය සහිත කොවිඩ් රෝගීන් හඳුනාගැනීමක් සිදු කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ දැනට මේ නව ප්‍රභේදයේ ආසාදිතයන් සිටින බවයි ඉන් අදහස් වෙන්නේ. මේ සම්බන්ධයෙන් ප්‍රමාණවත් පරීක්ෂණ තවමත් සිදු කර නැහැ. එබැවින් එන්නත් කාර්යක්ෂමතාව වැදගත්.
ප්‍රතිශක්තිය පවත්වා ගැනීමේදී විශේෂයෙන් ඉහළ අවදානම් කණ්ඩායම් සඳහා, COVID-19 එන්නත් සමඟ යාවත්කාලීනව සිටීම සෞඛ්‍ය බලධාරීන් නිර්දේශ කරනවා.
පෙර කොවිඩ් වැලඳී ඇත්නම් හෝ වෙනත් සැලකිය යුතු රෝගවලින් පෙළෙන පුද්ගලයන් සැලකිලිමත් විය යුතු ආකාරය කෙබඳු ද?
NB1.8.1 පෙර ආසාදන හෝ එන්නත්වලින් ප්‍රතිශක්තිය අර්ධ වශයෙන් මඟහරන්න හැකියාව තිබෙනවා. ඒ වගේම සැලකිය යුතු රෝගවලින් පෙළෙන පුද්ගලයන් වෛද්‍ය නිර්දේශ මත එන්නත් ලබාගැනීමෙන් කොරෝනා වැනි දරුණු රෝගවලට එරෙහිව ආරක්ෂාව ලබා දෙන බවත් පෙන්වා දෙන්න ඕනෑ.
වැඩිහිටියන් හෝ නිදන්ගත රෝග ඇති අය වැනි අධි අවදානම් සහිත පුද්ගලයන්ට පැක්ස්ලොවිඩ් වැනි මුල් ප්‍රතිවයිරස් ප්‍රතිකාර අවශ්‍ය වෙන්න පුළුවන්.
දරුණු අවස්ථාවලදී රෝහල් සත්කාර, ඔක්සිජන් සහ ස්ටෙරොයිඩ් හෝ ප්‍රතිවයිරස් වැනි ඖෂධ ද අවශ්‍ය වෙන්න පුළුවන්. එවැනි පුද්ගලයන් මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටිය යුතුයි. ඒ වගේම එවැනි අය වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කළ යුතු වෙනවා.
බැක්ටීරියා ආසාදනයක් නොමැති නම් ප්‍රතිජීවක ප්‍රයෝජනවත් නොවේ.
පී. සී. ආර්. පරීක්ෂණ වැඩි කළ යුතු බවට සෞඛ්‍ය අංශ මඟින් නිවේදනය කර තිබෙනවා. ජනතාව මෙයට අනුගත විය යුත්තේ කෙසේ ද?
රෝග විනිශ්චය සහ පරීක්ෂණ සම්බන්ධයෙන් අවධානය යොමු කළොත් සම්මත PCR සහ වේගවත් ප්‍රතිදේහජනක පරීක්ෂණ NB1.8.1 හඳුනා ගැනීමේදී වඩාත් ඵලදායී වෙනවා. ව්‍යාප්තිය වළක්වා ගැනීමට එය වඩා හොඳ පියවරක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්.
කෙසේ වෙතත් අනෙකුත් ප්‍රභේද සමඟ මෙන්, වේගවත් පරීක්ෂණවල යෙදෙන්න තරම් කලබලකාරී වාතාවරණයක් තවම උද්ගත වී නැහැ.
නව කොරෝනා ප්‍රභේදයේ රෝග ලක්ෂණ ආරම්භයට සාපේක්ෂව පරීක්ෂණයේ කාලය අනුව වෙනස් වෙන්න පුළුවන්.
කොව්ඩ් ආසාදිත බව හඳුනාගැනීම හා එය වළක්වා ගැනීමට අනුගමනය කළ යුතු පියවර මොනවා ද?
කොවිඩ් වැළැක්වීමේ පියවර කිහිපයක් පෙන්වා දෙන්න පුළුවන්. NB1.8.1 සහ අනෙකුත් ප්‍රභේද පැතිරීම අවම කිරීමට සනීපාරක්ෂක පිළිවෙත් අනුගමනය කළ යුතුයි.
ජනාකීර්ණ හෝ සංවෘත ස්ථානවල (විශේෂයෙන් වැඩිහිටියන් හෝ දියවැඩියාව, වකුගඩු හා හෘද රෝග, පිළිකා වැනි අවදානමට ලක්විය හැකි) ගැවසීමේදී ඔබ අසනීප නම් නිතිපතා දෑත් සේදීම කළ යුතුයි.
විෂබීජනාශක සේදුම් දියර භාවිතය වැදගත්. එසේම පොදු ස්ථානවල ගැවසීමේදී මුහුණු ආවරණ පැලඳීම දිගටම කරගෙන යන්න.
ශ්‍රී ලාංකිකයන්ගේ ප්රතිශක්තීකරණය ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් කොරෝනා වැලඳීමේ හැකියාව අඩු වනවා නේද?
සාමාන්‍යයෙන් යම්කිසි පුද්ගලයකුට අසනීප හැදුණාම ලැබෙන ප්‍රතිශක්තිය හා එන්නත්වලින් ලැබෙන ප්‍රතිශක්තිය යන දෙකම බොහෝමයක් ශ්‍රී ලාංකිකයන්ට තිබෙනවා. එය හඳුන්වන්නේ දෙමුහුන් ප්‍රතිශක්තිය කියලා. එම නිසා අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය කොවිඩ්වලට මුහුණදීමට බොහෝ ශක්තිය තිබෙන නිසා අපි ඒ තරම් බිය විය යුතු නැහැ.
ඒ වුණත් අප පෙර කී ලෙස අවදානම් සහිත කණ්ඩායම් වැඩිහිටියන්, ගැබිනි මවුවරුන්, කුඩා දරුවන්, අවදානම් සහිත රෝගී තත්ත්වයේ පසුවන පිරිස් මෙයින් පරිස්සම් වෙන්න ඕනෑ.
මොකද ඒ අයගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේම තිබෙන දුර්වල තත්ත්වය නිසා කොරෝනා ආසාදනය වුවහොත් අමාරු වෙන්න ඉඩ තිෙයනවා. අනෙක් අයට ප්‍රතිශක්තිකරණය හොඳ මට්ටමක තිබෙන නිසා අනවශ්‍ය ලෙස බිය වීමට අවශ්‍ය නැහැ.
සෞඛ්‍ය අංශ පවසන්නේ මේ සම්බන්ධයෙන් අනිසි බියක් ඇතිකර ගත යුතු නොවන බවයි. එසේ නම් ජනතාව මේ සම්බන්ධයෙන් කටයුතු කළ යුත්තේ කෙසේ ද?
සෑම විටම සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ අනුගමනය කරන්න. නිරන්තරයෙන් දැනුම්වත්ව සිටින්න.
NB.1.8.1 මතුවීම කැපීපෙනෙන දෙයක් වුව ද, දැනට අනතුරු ඇඟවීමට හේතුවක් නැහැ. COVID-19 ප්රභේදවල බලපෑම කළමනාකරණය කිරීමේදී අඛණ්ඩ සුපරීක්ෂාකාරීත්වය වැදගත්.
මහජන සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම සහ එන්නත් කිරීම ප්‍රධාන උපායමාර්ග ලෙස පවතිනවා. රෝගී තත්ත්වයන් පවතිද්දී වෛද්‍ය උපදෙස් අනුගමනය කිරීම වැදගත්.
COVID-19 සහිත බොහෝ දෙනකුට මෘදු රෝග ලක්ෂණ ඇති කරවනවා. උණ හෝ ශරීර වේදනාව සඳහා විවේකය අවශ්‍යයි. පැරසිටමෝල් ලබාගැනීම හා නිෙවසේදී විවේකී සුවය ලබාගැනීම වැදගත් වෙනවා.
රෝග ලක්ෂණ නරක අතට හැරේනම්, විශේෂයෙන් හුස්ම ගැනීමේ ගැටලු ඇත්නම් ඔවුන් වහාම වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ලබාගත යුතුයි.
ප්‍රමිතා රන්දලී පබසරා
මහාචාර්ය චන්දිම ජීවන්දර
අධ්‍යක්ෂ - අසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයනාංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
Comments
Post a Comment
Your comment will be visible after approval