excise-revenue-has-exceeded-the-target-in-the-last-six-months

 වසරේ ඉලක්කගත සුරාබදු ආදායම වන රු බිලියන 242න් ගතවූ මාස 6 තුළ අපේක්ෂිත ප්‍රමාණයෙන් 104% ක් (බිලියන 98ක්) උපයාගත හැකි වූ බව සුරාබදු දෙපාරිතමේන්තුවේ නිලධාරීහු ක්‍රම සහ විධි පිළිබඳ  කාරක සභාවේදී පැවැසුහ. 2025 වසර සඳහා ඉලක්කගත සුරාබදු ආදායම වන රු. බිලියන 242න් රුපියල්  බිලියන 240ක් මත්පැන්වලින්ද රුපියල් බිලියන 2ක් බීඩිවලින්ද ලබා ගැනීමට අපේක්ෂා කරන බව ඔවුහු වැඩිදුරටත් පැවැසූහ.




පසුගිය වසරේ මැයි 31 වන විට එම ආදායම රුපියල් බිලියන 88ක් බවත් ඒ අනුව මෙම වසරේ රුපියල් බිලියන 10ක ආදායමක් මේ වන  විට වැඩි වී ඇති බවත් මෙහිදී අනාවරණය විය. නව රජය බලයට පත්වීමත් සමඟ නීති විරෝධී මත්පැන් කර්මාන්තවලින් බොහෝ පිරිසක් ඉවත්වීම නිසා රජයට ආදායම් එකතුවීම මෙයට ප්‍රධාන හේතුවක් වූ බවත් මේ වන විටත් අඛණ්ඩව එම වැටලීම් සිදුකරමින් පවතින බවත් නිලධාහු සඳහන් කළහ.

මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය(ආචාර්ය) හර්ෂණ සූරියප්පෙරුමගේ සභාපතිත්වයෙන් දින පාර්ලිමේන්තුවේදී පැවැති ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභා රැස්වීමේදී මෙම කරුණු අනාවරණය විය. සුරාබදු දෙපාර්තමේන්තුවේ සමස්ත මෙහෙයුම් පිළිබඳව සහ ආරක්ෂක විශේෂාංග කළමනාකරණ පද්ධතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධව සාකච්ඡා කිර්ම සඳහා මෙම කාරක සභාව රැස්විණි.



මත්පැන් බෝතල් මත අලවා ඇති QR කේතයක් සහිත ආරක්ෂිත ස්ටිකරයක් ජංගම දුරකථනයක ඇති මෘදුකාංගයක් හරහා (App) ස්කෑන් කිරීමෙන් ව්‍යාජ මත්පැන් බෝතල් හඳුනාගැනීම සඳහා මේ වන විට අලුතින් ආරම්භකොට ඇති වැඩපිළිවෙළෙහි ප්‍රගතිය පිළිබඳවද අමාත්‍යවරයා විමසා සිටියේය. එම වැඩ පිළිවෙළ සාර්ථකව ක්‍රියාත්මක වන බව මෙහිදී නිලධාහු පැවසූහ. 2024 අගභාගයේදී හඳුන්වා දුන් මෙම නව QR කේතය සහිත ස්ටිකර් ක්‍රමයෙන් පසු මීට පෙර සිදුවූවාක් මෙන් කිසිදු ව්‍යාජ ස්ටිකර සහිත මත්පැන් බෝතල් වැටලීම්වලදී හමු වී නැති බවත් නිලධාහු සඳහන් කළහ.


මේ වන විට නිලධාරීන්ට පමණක් පරීක්ෂා කිරීමට හැකි වන පරිදි සීමාවේ

ඇති QR කේතයකි මල මත්පැන් බෝතල් පරීක්ෂා කිරීමේ මෙම වැඩපිළිවෙළ ඉදිර්යේදී සාමාන්‍ය ජනතාවටත් විවෘත කිරීමේ අවශ්‍යතාව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එසේම මෙම නව ක්‍රමවේදය මඟින් සුපිරි වෙළෙඳසල්, හෝටල් ඇතුළු මත්පැන් අලෙවිසල්වල අලෙවියට තබා ඇති මත්පැන් බෝතල් අතර ව්‍යාජ ඒවා තිබේද යන්න හදිසි වැටලීම් මඟින් පරීක්ෂා කිරීමේ අවශ්‍යතාවද අමාත්‍යවරයා විසින් නිලධාරීන්ට අවධාරණය කරන ලදී.


සුරාබදු පනතේ පවතින අඩුලුහුඬුකම් සංශෝධනය කිරීමේ අවශ්‍යතාවද මෙහිදී නිලධාහු සඳහන් කළහ. ඒ අනුව ඊට අදාළ යෝජනා ඉදිරිපත් කරන ලෙස කාරක සභාව විසින් නිලධාරීන්ට දැනුම් දෙන ලදී.මත්පැන්මිල ඉහළම යෑම නිසා නීති විරෝධී මත්පැන් පරිභෝජනය වැඩි වීම සිදුවන බැවින් ඊට විසඳුමක් ලෙස ගුණාත්මක බවින් යුතු මත්පැන් සාධාරණ මිලකට නිෂ්පාදනය කිරීමට ඇති හැකියාව පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.