body-of-colombo-medical-faculty-student-found-on-port-city-beach

 කොළඹ වරාය නගරයේ බීච් ප්ලාසා වෙරළ තිරයේ අතුරුදන්ව සිටි විශ්ව විද්‍යාල සිසුවාගේ මළ සිරුර සොයාගෙන තිබෙයි. 


කොළඹ විද්‍යා පීඨයේ ඉගෙනුම ලැබූ මෙම සිසුවා සහ මොරටුව විශ්ව විද්‍යාලයේ තවත් සිසුන් දෙදෙනෙක් මුහුදු ජීවින් පිළිබදව පර්යේෂණ සිදුකිරිමට හා ස්නෝර්කලින් ක්‍රීඩාවේ යෙදීමට කොළඹ වරාය නගරයේ කෘත්‍රිම මුහුදට ගොඩ බැස සිටි අවස්ථාවේ ඊයේ උදේ මෙම සිසුවා අතුරුදන් විය.


ස්නෝකර් ලෙස හඳුන්වන  හුස්ම ගැනීමේ නළයක් සහ සාමාන්‍යයෙන් වරල් භාවිතා කරමින් ජල මතුපිට පිහිනීම ඇතුළත් විනෝදාත්මක ජල ක්‍රියාකාරකමක මොවුන් යෙදී තිබූ අතර. මෙම උපකරණය සමග ගැඹුරට කිමිදීමකින් තොරව දිය යට නිරීක්ෂණය කිරීමට ඉඩ ලැබීමත් කිමිදුම් සඳහා අවශ්‍ය බලපත්‍ර මෙහිදී අවශ්‍ය නොවීමත් නිසා ඔවුන් මීට යොමුව තිබුණි. ස්නෝකර්ලිං සඳහා පුළුල් පුහුණුවක් හෝ විශේෂිත උපකරණ අවශ්‍ය නොවන්නකි.

සිසුවා අතුරුදන්වූ පසු පොලිසිය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව ඒකාබද්ධ සෙවීමේ මෙහෙයුමක් දියත් කර තිබුණි.
එම ස්ථානයේ සේවයේ නියුතු ජීවිතාරක්ෂක නිලධාරීන් අතුරුදහන් වූ සිසුවාගේ ස්නෝර්කල් උපකරණ සොයාගෙන තිබූ නමුත්, සිසුවා පිළිබඳ කිසිදු තොරතුරක් අද උදෑසන දක්වා වාර්තා නොවූ අතර දහවල් සිරුර වෙරළට ගොඩ ගසා තිබුණි.

පොලිස් වාර්තා අනුව, සිසුවා වයස අවුරුදු 24ක් වන අතර ගම්පහ ප්‍රදේශයේ අස්ගිරිය පදිංචිකරුවෙකි. කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඔහු ඉගෙන ගනිමින් සිටියේය.


gossiplanka image 2