වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේගේ බිරිඳ වන සෙනානි ජයරත්න අලුත්ගමගේ මහත්මිය විසින් මෑතකදී දීර්ඝ ලිපියක් ප්‍රකාශයට පත් කර තිබේ. අවුරුදු විස්සක සිර දඬුවමකට ලක්ව සිටින ඇයගේ ස්වාමිපුරුෂයා වෙනුවෙන් ඇගේ හෘදය සාක්ෂිය ඉදිරිපත් කරමින් ලියා ඇති මෙම ලිපිය ඇගේ අන්තර්ගත වේදනාව හා දුක විදහා දක්වයි.
"අදට මගෙ අයියා (ස්වාමියා) අච්චු වී දින 20කි. මට හඩන්නට තව කදුලු නැති ගානය. මගේ අයියා වෙනුවෙන් තවත් කරන්නට දේ නැති වේගෙන යනු මට දැනේ," යනුවෙන් ආරම්භ වන ලිපිය මගින් ඇය මුහුණ දෙන මානසික වේදනාව පැහැදිලි කෙරේ.
ප්‍රේම සම්බන්ධතාවයේ සිට විවාහය දක්වා
සෙනානි ජයරත්න මහත්මිය සිය ලිපියේ, තමා හා මහින්දානන්ද අලුත්ගමගේ අතර ප්‍රේම සම්බන්ධතාවය ආරම්භ වූ ආකාරය විස්තර කරයි. "විනිවිද දැක ඔහුගේ අප්‍රමාණ මනුස්සකම් වලට ආදරය කිරීමට පෙළඹුනු, ඒ වන විට වයස 30ක් වූ මට, අපේම දේශපාලන බල කදවුරෙන් බොහෝ බලපෑම් එල්ල වූයේ මේ සම්බන්ධය නතර කරන ලෙසටය," යන්න ඇය සඳහන් කරයි. ඇයට අනුව, මහින්දානන්ද අලුත්ගමගේගේ කුල මලට අදාළ කරුණු හේතුවෙන් මෙම සම්බන්ධතාවයට විරුද්ධත්වයක් එල්ල වූ බව පැහැදිලි කරයි.
මෙම පීඩන හමුවේ ඇය වරක් ඇමරිකාවට ගොස් සම්බන්ධතාවය නතර කිරීමට උත්සාහ කළ නමුත්, ඔහු අමතක කිරීමට ඇයට නොහැකි වූ බවත්, පසුව ඩිලාන් පෙරේරා මහතාගේ මැදිහත්වීමෙන් නැවත සම්බන්ධතාවය පටන් ගත් බවත් සඳහන් කරයි.
ඇය තවදුරටත් සඳහන් කරන්නේ තම ප්‍රේම සම්බන්ධතාවය සම්බන්ධයෙන් වූ දැඩි දේශපාලන පීඩනයන් දරාගත නොහැකිව වරක් සිය දිවි නසා ගැනීමට තැත් කළ බවයි. ප්‍රොෆෙසර් අර්ජුනගේ උපකාරයෙන් දින තුනක් දැඩි සත්කාරයේ සටන් කොට ඇය යළි ප්‍රකෘති තත්ත්වයට පත්වූ බව සඳහන් කරයි.
සේනානි කියන්නේ තමන් මහින්දානන්දගේ 4 වන දරුවා බවයි.
පෙර විවාහයේ දරුවන් තිදෙනාට පසු තමා දරුවෙකු මෙන් රැක බලාගත් බවයි.
මහින්දානන්ද අලුත්ගමගේගේ නීතිමය අර්බුද
සෙනානි මහත්මිය විස්තර කරන අන්දමට, වසර 12ක් පුරාවට පරීක්ෂණ හා නඩු 14කට මහින්දානන්ද අලුත්ගමගේ මුහුණ දී ඇත. ඔහු රිමාන්ඩ් බාරයට ගනු ලැබුවේ දෙවරක් පමණි. ඇය තවදුරටත් සඳහන් කරන්නේ සමාජ මාධ්‍ය හරහා මහින්දානන්ද අලුත්ගමගේගේ ප්‍රතිරූපය අමුවෙන්ම විනාශ කරනු ලැබූ බවයි.
"මගේ අයියා කැරම් බෝඩ් නඩුව හැර ඉතිරි සියල්ලෙන් නිදහස් ද විය. ඒ වසර 12ක්ම මේ පරීක්ෂණ හා නඩු සමග ගැටීමෙන්, පැටලීමෙන් හෙම්බත් වීමෙන් අනතුරුවය," යනුවෙන් ඇය ප්‍රකාශ කරයි.
කැරම් බෝඩ් සම්බන්ධ නඩුවේදී, ඇයට අනුව, "අයියා දුන්නේ තීරු බදු සහන ඉල්ලා වාචික ඉල්ලීමක් පමණි!" යනුවෙන් ඇය අවධාරණය කරයි. නමුත්, ඒ වෙනුවෙන් ඔහුට වසර 20ක සිර දඬුවමක් නියම කර ඇති බව ඇය සිය වේදනාවෙන් යුතුව සඳහන් කරයි.
අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රකාශයට ප්‍රතිචාර
සෙනානි මහත්මිය සිය ලිපියේ, නඩු තීන්දුව ලැබීමෙන් පසු අධිකරණ අමාත්‍යවරයා කළ ප්‍රකාශයක් ගැන වේදනාවෙන් යුතුව සඳහන් කරයි. "මහින්දානන්ද අලුත්ගමගේගේ නඩුවේ ඔබ හිතනවා ද ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් හැර වෙන ආණ්ඩුවක් බලයේ හිටිය නම් ඔය තීන්දුව ලැබේය කියා? මම හිතනව නෑ කියල !!! මගෙ පෞද්ගලික මතය," යනුවෙන් අමාත්‍යවරයා කළ ප්‍රකාශය ඇය උපුටා දක්වයි.
මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ඇය රාශියක් ප්‍රශ්න මතු කරයි. "පැවති අධිකරණ පද්ධතිය දුෂිතද? එහි නීතිය පසිදලන්නන් කල වැරදි මොනවාද? ඔවුන් දේශපාලන තීන්දු දුන්නේද? නොඑසේ නම් බොහෝ රාජ්‍ය නිලධාරීන් මෙන් උසස් වීම් මාරුවීම් හා පැවැත්ම උදෙසා ඔවුන් සිය ආත්මය පාවා දීද?" යන ප්‍රශ්න ඔස්සේ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව ඇය කරුණු විමසයි.
ඇයගේ නිගමනය
සෙනානි මහත්මිය සිය ලිපිය අවසන් කරන්නේ, "අධිකරණ අමාත්‍යතුමා කුමක් කෙසේ කීවත් මමත් මගේ අයියාත් දරුවනුත් අධිකරණ පද්ධතියෙන් දුන් තීන්දුව පිලිගනිමු! ඒ අධිකරණයට ඇති බියකින් නොවේ. ඒ නීතියට හිස නොනැමූ තැන අවනීතිය රජ වන බැවිනි," යනුවෙනි.
ඇය සමාජ මාධ්‍ය හරහා වැපිරෙන තොරතුරු ගැන සැලකිලිමත් විය යුතු ආකාරය ගැනද අවධාරණය කරයි. ඇය "The Illusory Truth Effect", "The Dunning Cruger effect" සහ "The Gell Mann amnesia effect" වැනි සංකල්ප ගැන සඳහන් කරමින්, "වගකීමකින් තොරව ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් ලියන්නට කියන්නට දීම මාධ්‍ය නිදහස නොව වල් බූරු නිදහසම පමණකි," යනුවෙන් පවසයි.
"අප නිදහස් නිවහල් මිනිස් සංහතියක් නිර්මාණය කිරීමෙහිලා පළමුව ඔවුන් හට සැබෑ සත්‍යය දැකීමට ඇසීමට ඇති අවස්ථා සලසා දිය යුතුමය," යන්න ඇයගේ ලිපියේ ඇති අවසාන පණිවිඩයයි.
ආදරණීය දෙමාපියන් හා දරුවන්
තම ස්වාමිපුරුෂයා සමඟ ඇති වූ ආදරණීය සම්බන්ධතාවය ගැනද ඇය සිය ලිපියේ විස්තර කරයි. "අපි එහි 'පවුල් කෑවා' පමණක් නොවේය; අප්‍රමාණ ආදරයක් බෙදා හදා ගත්තෙමු," යනුවෙන් ඇය සඳහන් කරයි.
ඇය දරුවන් තිදෙනා පිළිබඳවද සඳහන් කරයි. "අයියා වෙනුවෙනුත් අපට ආදරය කරන සැම වෙනුවෙනුත් මා ජීවිතයට මුහුණ දිය යුතුය; ශක්තිමත් විය යුතුය. මම එය නොදන්නවා නොවේ ! නමුත් කරන්නේ මොනවාද නොකරන්නේ මොනවාද යන්න තෝරා බේරා ගැනීම මට තවම ලෙහෙසි පහසු නැත," යනුවෙන් ඇය තම අසරණභාවය විස්තර කරයි.
මෙම ලිපිය හරහා සෙනානි ජයරත්න අලුත්ගමගේ මහත්මිය තම ස්වාමිපුරුෂයාගේ අත්දැකීම්, ඔවුන්ගේ ආදරණීය සම්බන්ධතාවය, හා තමා මුහුණ දෙන වේදනාව සමාජය හමුවේ තබයි. ඇය නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳව ද, සමාජ මාධ්‍ය විසින් සමාජය කෙරෙහි ඇති කරන බලපෑම පිළිබඳවද ගැඹුරු අදහස් ඉදිරිපත් කර ඇත.
පිටු 17 කින් යුතු එම ලිපියේ පීඩීඑෆ් එක පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval