යුද ගැටුම් පවතින ඉරානයේ මේ වන විට රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 37ක් බව විදේශ කටයුතු අමාත්‍යාංශය අවධාරණය කරයි.
මැද පෙරදිග පවතින යුද ගැටුම් හමුවේ ඉරානයේ සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධව තොරතුරු විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙන අතර ඒ අනුව ඉරානය තුළ ශ්‍රී ලාංකිකයන් 41 දෙනකු සිටි බවත් ඉන් සිව්දෙනකු මේ වනවිට රටින් පිටව ගොස් ඇති බවත් පෙන්වා දෙයි.
ඒ අනුව මේ වනවිට ඉරානය තුළ ශ්‍රී ලාංකිකයන් 37 දෙනකු සිටින බවට තොරතුරු ලැබී තිබෙන බව සඳහන් කරන විදේශ කටයුතු අමාත්‍යාංශය මෙම රැඳී සිටින පිරිස අතරට ඉරානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් 05 දෙනකු ද අයත් බව සඳහන් කරයි.
මේ අතර මෙම ශ්‍රී ලාංකිකයන් අතරින් සිව් දෙනකු අද (23) දිනයේ දී තුර්කි දේශසීමාව හරහා පිටත්වීමට නියමිත බවත් අමාත්‍යාංශය සඳහන් කරයි.