වහල මත සවි කරන සූර්ය පැනලවල මිල ගණන් අසාධාරණ ලෙස වැඩි කිරීම හමුවේ මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවට විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා ඊයේ (23දා) චෝදනා කළේය. විදුලි පාරිභෝගිකයාගේ දුක් ගැනවිලි මෙන්ම නියාමන කටයුතුවලට මැදිහත් වීමේ එකම බලධරයා මහජන උපයෝගිතා කොමිසම වන පසුබිමක
සභාපතිවරයාගේ මෙම හැසිරීම ගැටලුකාරී බවද ධම්මික මහතා පැවැසීය. සාධාරණ පිරිවැය සම්බන්ධයෙන් තීරණ ගැනීමට විදුලි බල පනතේ 43 වගන්තියෙන් හා 2013 සංශෝධන පනතේ 43(6) වගන්තියෙන් කොමිසමට බලතල පැවැරී ඇති බවද ඒ මහතා කීය.ඒ නිසා මෙම අනීතික ක්‍රියාවලියට එරෙහිව සෘජුවම හා වහාම මැදිහත්වීමේ නීතිමය බලයක් සභාපතිවරයාට ඇති බවද ඒ මහතා කීය. තවද රජයේ බලශක්ති ප්‍රතිපත්ති රාමුවේ සඳහන් පරිදි පුනර්ජනනීය බලය සියයට 70 සම්පූර්ණ කිරීමට 2030 වන විට සැලසුම් කර ඇති බවද ඒ මහතා සඳහන් කළේය.
ඒ වගේම වසරක් තුළ මෙගාවොට් දහසක් ජාතික පද්ධතියට එකතු කිරීමද මේ වන වන විට අසාර්ථක වී ඇති බවත් ඒ නිසා ඉහත කී කරුණු සම්බන්ධයෙන් කොමිසමේ දායකත්වය ඇල්මැරුණු ස්වරූපයෙන් සිදු වන බව අපගේ නිරීක්ෂණය බවද ඒ මහතා කීය. රජය වෙනුවෙන් වගේම පාරිභෝගිකයා වෙනුවෙන් ස්වාධීන කොමිසමක් හැටියට ජනතා අභිලාෂයන් කඩිනමින් විසඳීමට පියවර ගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටි බවද ඒ මහතා කීය.
අඩු වියදම් සෝලා කර්මාන්තය ආරක්ෂා නොකිරීමෙන් විශාල රැකියා ප්‍රමාණයක් ආරක්ෂා කිර්මට අපොහොසත් වුවහොත් විශාල විරැකියාවක් මෙන්ම සෝලා භාවිත කරන අයගේ වගකීම්වලට පවා දැනෙන අහිතකර ප්‍රතිවිපාක සිදු විය හැකි බවද ඒ මහතා අවධාරණය කළේය. සෝලා අඩු කිරීමට දක්වන උනන්දුව ඩීසල් සම්බන්ධයෙන් සිදු නොවන්නේ ඇයිද යන්න තමා සභාපතිවරයාගෙන් ප්‍රශ්න කරන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් ඉහත කී ඉන්ධන ප්‍රවර්ධනයක මෙන්ම ගල් අඟුරු හා ස්වාභාවික ද්‍රව වායු සම්බන්ධයෙන් දැඩි උනන්දුවක ඉන්නා බව කොමිසම තේරුම් ගත යුතු බවද ඔහු ප්‍රකාශ කළේය.
මේ සියල්ල සිදු වන්නේ ඩොලර් මත ගනුදෙනු මෙන්ම කොමිස් මත යන්න පැහැදිලි යැයිද ඔහු ප්‍රකාශ කළේය. ඒ නිසා අවසාන වශයෙන් තමා ඉල්ලා සිටින්නේ කොමිසමට පැවැරී ඇති බලතල ප්‍රකාරව මෙම ගාස්තු අඩු කිරීම වහා අත්හිටුවීමට මැදිහත් වන ලෙස බවත් එය කොමිසමේ රාජකාරියේ කොටසක් බව සිහිපත් කරන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
2024 ජූලි මස 15 දින ලිපියේ සඳහන් පරිදි ගිය වර මිල අඩු කිරීමද නොකළ යුතු බව කොමිසමේ යෝජනාව බවද ඒ මහතා කියා සිටියේය. ඒ නිසා මෙම ඉල්ලීම ලංවිම කුණු කූඩයට දමා ඇද්ද නොඑසේ නම් ඒ සඳහා කොමිසම ගත් පියවරයන් මොනවාද යන්න තමා බලාපොරොත්තු වන බවද ඒ මහතා කීය.
Comments
Post a Comment
Your comment will be visible after approval