ඉදිරි මාස එකහමාර ඇතුළත නව සැපයුම්කරුවකු තෝරාගෙන නව අංක තහඩු විසිපන්දහසක් නිකුත් කිරීමට පියවර ගන්නා බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා පවසයි.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.
"රජය නව වාහන ගෙන්වීමත් සමඟ නව ලියාපදිංචි සඳහා අංක තහඩු අවශ්‍යතාව තදින්ම බලපාන කරුණක්. අංක තහඩු නිකුත් කරනතුරු තම අභිමතය පරිදි තාවකාලික අංක තහඩු සකස් කර ගැනීමට අවසරය දී තිබෙනවා.
දැනට අංක තහඩු නිකුත් කරන සමාගම පසුගිය කොවිඩ් සමයේ මෝටර් රථ දෙපාර්තමේන්තුව සමඟ තිබු ගිවිසුමට අමතරව විශාල මිල වැඩි කිරීමක් ඉල්ලා සිටි නිසා එයට එකඟ වුණේ නෑ. ඒ නිසා අංක තහඩු නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබුණා.
පසුගිය අප්‍රේල් මස 30 වැනිදා සිට අංක තහඩු නිකුත් කිරීම නතර කර තිබෙනවා. කැබිනට් මණ්ඩලය සමඟ සාකච්ඡා කිරීමට අමාත්‍යාංශ ලේකම්වරුන් තිදෙනකුගෙන් සමන්විත මණ්ඩලයක් පත් කර තිබෙනවා. මෝටර් රථ දෙපාර්තමේන්තුව සහ අමාත්‍යාංශය එක්ව නව සැපයුම්කරුවකු ටෙන්ඩර් පටිපාටිය මත තෝරාගෙන වාහන අංක තහඩු නිකුත් කිරීමට පියවර ගන්නවා."
Comments
Post a Comment
Your comment will be visible after approval