lanka-jayaratne-new-judge-of-the-colombo-high-court

 රත්න­පුර ප්‍රධාන මහා­ධි­ක­රණ විනි­සුරු, හිටපු කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රා­ත්ව­රි­යක වන ලංකා ජය­රත්න මෙණෙ­විය කොළඹ මහා­ධි­ක­රණ විනි­සු­රු­ව­රිය වශ­යෙන් පත්කර ඇත.



2004දී මහේ­ස්ත්‍රා­ත්ව­රි­යක වශ­යෙන් අධි­ක­රණ සේව­යට එක් වූ ඇය කුරු­ණෑ­ගල, කුලි­යා­පි­ටිය, කොටුව, කඩු­වෙල, වත්තල, මාලි­ගා­කන්ද සහ යළිත් වරක් කොටුව යන මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­වල මහේ­ස්ත්‍රා­ත්ව­රි­යක වශ­යෙන් ද, වසර කිහි­ප­යක්ම කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රා­ත්ව­රිය වශ­යෙන් ද කට­යුතු කළාය.

2020දී මහා­ධි­ක­රණ විනි­සු­රු­ව­රි­යක ලෙස උස­ස්වීම් ලද ඇය ඇඹි­ලි­පි­ටිය මහා­ධි­ක­රණ විනි­සුරු ලෙස කට­යුතු කර 2021 වසරේ සිට මේ දක්වා රත්න­පුර ප්‍රධාන මහා­ධි­ක­රණ විනි­සු­රු­ව­රිය වශ­යෙන් කට­යුතු කළාය.