රත්නපුර ප්‍රධාන මහාධිකරණ විනිසුරු, හිටපු කොළඹ ප්‍රධාන මහේස්ත්රාත්වරියක වන ලංකා ජයරත්න මෙණෙවිය කොළඹ මහාධිකරණ විනිසුරුවරිය වශයෙන් පත්කර ඇත.
2004දී මහේස්ත්රාත්වරියක වශයෙන් අධිකරණ සේවයට එක් වූ ඇය කුරුණෑගල, කුලියාපිටිය, කොටුව, කඩුවෙල, වත්තල, මාලිගාකන්ද සහ යළිත් වරක් කොටුව යන මහේස්ත්රාත් අධිකරණවල මහේස්ත්රාත්වරියක වශයෙන් ද, වසර කිහිපයක්ම කොළඹ ප්‍රධාන මහේස්ත්රාත්වරිය වශයෙන් ද කටයුතු කළාය.
2020දී මහාධිකරණ විනිසුරුවරියක ලෙස උසස්වීම් ලද ඇය ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු ලෙස කටයුතු කර 2021 වසරේ සිට මේ දක්වා රත්නපුර ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරිය වශයෙන් කටයුතු කළාය.