a-young-man-who-was-riding-a-motorcycle-on-the-road-while-paying-homage-to-the-deity-died-after-crashing-into-a-wall

මිතු­රන් සමඟ දන්ස­ල­කට ගොස් යළි එමින් සිටි­යදී කඩ­යක් අසල නතර කර තිබූ යතු­රු­පැ­දි­යක් පැද තාප්ප­යක ගැටී­මෙන් බර­ප­තළ තුවාල ලැබූ තරු­ණ­යකු රෝහ­ල්ගත කිරී­මෙන් පසු මර­ණ­යට පත්ව ඇතැයි මොර­ග­හ­හේන පොලී­සිය පව­සයි. 



මෙසේ මිය­ගොස් ඇත්තේ මඩ­පාත, මාක­න්දන, සංක­ල්ප­ගම පදිංචි විතා­නගේ නිමන්ත ඉමාන් විතා­නගේ නමැති (19) සූප­වේ­දි­යකු බව පොලී­සිය කියයි.

පහ­ළොස් දෙන­කු­ගෙන් යුත් මිතු­රන් කණ්ඩා­ය­මක් ගෝන­පල, කෝර­ල­ඉම හන්දිය අසල රාත්‍රී තේ කඩ­ය­කින් ආහාර ගනි­මින් සිටි­යදී

එහි තිබූ යතුරු පැදි­යක් විනෝ­ද­යට පැදී­මට යාමේදී වේගය පාල­නය කර ගැනී­මට නොහැ­කිව මාර්ග­යෙන් ඉව­තට පැන ආර­ක්ෂිත තාප්ප­යක හා විදුලි කණු­වක ගැටී මෙම තර­ණයා බර­ප­තළ තුවාල ලබා කළු­බෝ­විල ශික්ෂණ රෝහ­ලට ඇතු­ළත් කිරී­මෙන් අන­තු­රුව මෙසේ මිය­ගොස් ඇතැයි මොර­ග­හ­හේන පොලී­සිය පව­සයි.

මේ අත­ර­තු­රදී මෙම තරු­ණයා කිසි­ව­කුට නොදන්වා එහි නවතා තිබූ පල්සර් වර්ගයේ යතුරු පැදි­යක් පණ­ගන්වා එක්ව­රම අධික වේග­යෙන් කොළඹ දෙසට ධාව­නය කොට ඇති අතර, ඉන් මීටර් 200ක් පම­ණට දුරට යද්දි මාර්ග­යෙන් ඉව­තට පැන ආර­ක්ෂිත තාප්ප­යක් කඩා­ගෙන ගොස් විදුලි කණු­වක ගැටී අන­තු­රක් සිදුව තිබුණි.



අන­තු­රින් එම තරු­ණ­යාගේ වම් අත සහ දෙපා බිඳී ගොස් තිබූ අතර උද­ර­යට සහ පපු පෙදෙ­සට බර­ප­තළ හානි සිදුව තිබූ අතර දකුණු පාදයේ දණ හිසේ සිට පහ­ළට බර­ප­තළ කැපුම් තුවා­ල­යක් ද තිබූ බව පොලී­සිය කියයි.

පසුව මෘත දේහය පිළි­බඳ හදිසි මරණ පරී­ක්‍ෂ­ණය කළු­බෝ­විල ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරී­ක්ෂක පාරින්ද කොටු­ගොඩ මහතා විසින් සිදු කළ අතර මෘත දේහය පිළි­බඳ පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය කළු­බෝ­විල ශික්ෂණ රෝහලේ අධි­ක­රණ වෛද්‍ය නිල­ධා­රීනී එෆ්.එන්.ආර්.ඕ. සුෆ්යාන් මහ­ත්මිය විසින් සිදු කරනු ලැබු­වාය. එහිදී ඉදි­රි­පත් වූ සාක්ෂි සහ පශ්චාත් මරණ පරී­ක්ෂණ වෛද්‍ය වාර්තා­වට අනුව ධාව­නය වූ යතු­රු­පැ­දි­යක් වේගය පාල­නය කර ගැනී­මට නොහැ­කිව විදුලි කණු­වක ගැටී, පපු­වට උද­ර­යට, අත් පාව­ලට සිදු වූ බර­ප­තළ තුවාල මර­ණ­යට හේතුව බව හදිසි මරණ පරී­ක්ෂක පාරින්ද කොටු­ගොඩ මහතා නිග­ම­නය කළේය.
(කොට්ටාව  - ප්‍රදීප් කුමාර)