a-young-man-falls-to-his-death-from-a-borella-apartment-complex


බොරැල්ල, මෙත්සර උයන මහල් නිවාස සංකීර්ණයේ ඉහළ මහලෙන් වැටී තරුණයෙක් මරණයට පත්ව ඇත. පොලිස් වාර්තා අනුව මියගිය තැනැත්තා බොරැල්ල,

සරණපාල හිමි මාවතේ පදිංචිව සිටි අවුරුදු 24ක් වයසැති තරුණයෙක් බව හඳුනාගෙන ඇත. 


බොරැල්ල පොලිසිය විසින් සිදුකළ මූලික විමර්ශනවලින් හෙළිවී ඇත්තේ මෙම තරුණයා දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටි බවයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරමින් පවතී.
මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කොළඹ ජාතික රෝහලේ මෘතශරීරාගාරයේ තබා ඇති අතර, මරණයට නිශ්චිත හේතුව තහවුරු කිරීමට වෛද්‍ය පරීක්ෂණ සිදුකරමින් පවතී.