මිනුවන්ගොඩ සිට වේයන්ගොඩ දෙසට ගමන් කරමින් සිටි යතුරුපැදියක් හා විරුද්ධ දිශාවෙන් පැමිණි වෑන් රථයක් අතර ඊයේ (15) රාත්‍රියේ පමුණුව හන්දියේදී සිදුවූ අනතුරකින් කාන්තාවක් මිය ගොස් ඇත.
මෙම අනතුර සිදුව ඇත්තේ මිනුවන්ගොඩ දෙසින් වේයන්ගොඩ දෙසට ගමන් කරමින් සිටි යතුරුපැදිය විරුද්ධ දිශාවෙන් පැමිණි වෑන් රථය සමඟ ඍජුවම ගැටීම හේතුවෙනි.
අනතුරේදී යතුරුපැදිය පැදවූ පුද්ගලයා සහ පසුපස ගමන් කළ කාන්තාව දෙදෙනාම බරපතල තුවාල ලබා ඇති අතර, ඔවුන් මුලින් මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කර ඇත. පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර ඇත.
කෙසේ වෙතත්, යතුරුපැදියේ පසුපස ගමන් කළ කාන්තාව ලද තුවාල හේතුවෙන් මිය ගොස් ඇත.
මියගිය කාන්තාව උඩුගම්පොල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 53ක් වූ කාන්තාවක් ලෙස හඳුනාගෙන ඇත.
මියගිය කාන්තාවගේ මෘත දේහය මරණ පරීක්ෂණය සඳහා ගම්පහ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත.
මිනුවන්ගොඩ පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Comments
Post a Comment
Your comment will be visible after approval