860-medicines-12000-surgical-instruments-added-to-the-national-list

මෙරට සෞඛ්‍ය පද්ධ­තියේ භාවි­ත­යට ගන්නා ඖෂධ හා වෛද්‍ය උප­ක­රණ 12000කට වැඩි ජාතික ලැයි­ස්තුව සකස් කරන බව සෞඛ්‍ය හා ජන­මාධ්‍ය නියෝජ්‍ය ඇමැති වෛද්‍ය හංසක විජේ­මුණි මහතා පැව­සීය. රෝහල් මට්ට­මින් එක් එක් අංශ ගත් විට ඒ ඒ අංශ­ව­ලට අවශ්‍ය ඖෂධ වර්ග තෝරා­ගෙන ඖෂධ 860ක පමණ සහ ශල්‍ය උප­ක­රණ

12,000ක් පමණ වන ජාතික ලැයි­ස්තුව සකස් කරන බවත්, ඒ සියල්ල විශේ­ෂඥ වෛද්‍ය­ව­රුන්ගේ විද්‍යා­ය­ත­න­ව­ලින් විමසා මාර්ගෝ­ප­දේ­ශ­යන්ට අනුව නම් කරන ලද ඖෂධ ලැයි­ස්තු­වට ඇතු­ළත් කර තිබෙන බවත් නියෝජ්‍ය ඇමැ­ති­ව­රයා පැව­සීය.

කොළඹ ජාතික රෝහලේ ස්නායු ශල්‍ය අංශයේ ශ්‍රව­ණා­ගා­රයේ පැවැති වෛද්‍ය සැප­යීම් දේශී­යව මිල දී ගැනීම් සම්බ­න්ධව දැනු­ම්වත් කිරීමේ එක්දින වැඩ­මු­ළු­වට සහ­භාගි වෙමින් නියෝජ්‍ය ඇමැ­ති­ව­රයා මේ බව කියා සිටි­යේය.

මේ ජාතික ලැයි­ස්තු­වට එහා ගොස් ඇතැම් විශේ­ෂඥ වෛද්‍ය­වරු සහ වෛද්‍ය­ව­රුන් ඖෂධ නිර්දේශ කරන්නේ යැයි ද, එම ඖෂධ ජාතික ලැයි­ස්තුවේ නොමැ­ති­වීම හේතු­වෙන් අදාළ ඖෂධ ද, ඖෂධ හිඟය පැත්තට ගැනෙන හෙයින් ඖෂධ හිඟය පිළි­බඳ ගැට­ලුවේ දී එයත් ප්‍රධාන ගැට­ලු­වක් වන්නේ යැයි ද නියෝජ්‍ය ඇමැ­ති­ව­රයා කීය.



පෞද්ග­ලික අංශයේ ඖෂධ සඳහා මිල නියා­ම­න­යක් මේ වන විට නොමැති බව පෙන්වා දුන් නියෝජ්‍ය අමා­ත්‍ය­ව­රයා වත්මන් රජය බල­යට පත්වී­මෙන් පසු ඖෂධ මිල නියා­මන යන්ත්‍ර­ණ­යක් සකස් කර­මින් සිටින බවත්, ඉදි­රි­යේදී පෞද්ග­ලික ඔසු­ස­ල්වල ඖෂධ ද මිල නියා­ම­න­ය­කට ලක් කරන බවත් පැව­සීය.

මේ ක්‍රියා­ව­ලිය ක්‍රියා­වට නැංවී­මෙන් පසුව ප්‍රාදේ­ශීය මිල දී ගැනීමේ ක්‍රියා­ව­ලි­යට ද පහ­සු­වක් වන බව නියෝජ්‍ය ඇමැ­ති­ව­රයා ප්‍රකාශ කළේය.