
ලංකා පිගන් සංස්ථාව ලංකා ඛනිජ වැලි සමාගමට සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු රුපියල් කෝටි පනහකට වැඩි මුදලක් ගෙවීම පැහැරහැර ඇතැයි ජාතික විගණන කාරියාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සදහන් වේ. ලංකා පිගන් සංස්ථාව ලංකා ඛනිජ වැලි සමාගමට 2012 වර්ෂයේ සිට ගෙවිය යුතු
රුපියල් කෝටි තිස් අටකට වැඩි මුදලක් ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බදු වර්ග හයක් වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් කෝටි දොළහකට වැඩි මුදලක් ද මෙසේ පැහැර හැර ඇති බව එම වාර්තාවේ දැක්වේ.
මේ අතර බංගදෙණිය කම්හල පිහිටි ඉඩමේ ගොඩනැගිලි කඩා ඉවත් කර තිබුණ ද අක්කර හතක ඉඩම කිසිදු ප්‍රයෝජනයකට ගෙන නොතිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි. එසේම එම කම්හලේ ඉඩම් හා ගොඩනැගිලි ඇතුළු වත්කම් දීර්ඝ කාලයක සිට ප්‍රයෝජනයට ගෙන නැතැයි ද එම වාර්තාව සඳහන් කරයි.මේ තොරතුරු සඳහන් වන්නේ ලංකා පිගන් සංස්ථාවේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන ලේඛනයේය. මෙම වාර්තාව පාර්ලිමේන්තුවට පසුගිය 17 වැනිදා ඉදිරිපත් කෙරිණ.
Comments
Post a Comment
Your comment will be visible after approval