strong-winds-around-colombo-trees-fall-trains-also-stopped

බ්‍රහස්පතින්දා (29) රාත්‍රියේ සිට  අධික සුළං තත්ත්වයක් හා ඒ සමග ඇතිවූ වර්ෂා තත්වය හේතුවෙන් කොළඹ, මොරටුව,නුගේගොඩ, මහරගම ඇතුළු ප්‍රදේශ රැසක ගස් කඩා වැටීම් වාර්තාවිය. අතුරුගිරිය ඇතුළු ප්‍රදේශ කහිපයක විදුලිය විසන්දිවී ඇතැයිද ඊට ගස්කඩා වැටීම් බලපා ඇතැයි වාර්තා විය.


මීට අමතරව වදුරව සහ කීනවල දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය මාර්ග දෙකම

අවහිරව ඇති අතර උතුරු මාර්ගයේ මඩකළපුව රාත්‍රී තැපැල් දුම්රිය හා ප්‍රධාන මාර්ගයේ රඹුක්කන බලා ධාවනය වූ දුම්රිය හා රඹුක්කන බලා ධාවනය වූ දුම්රිය දැනට රාගම නවතා ඇති බවද වාර්තා කර තිබේ.

කොළඹ ප්‍රදේශ රැසක කස් කඩාවැටීම්ද වාර්තාවන අතර ඇතැම් ස්ථානවල ඉදිකිරීම්ද කඩා වැටී ඇති බැවින් සිකුරාදා උදෑසන වනතුරු මාර්ග අවහිරතා පැවතිය හැකි බව පැවසේ.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3