
අම්පාර, පදියතලාව පොලිස් ස්ථානයේ සේවය කළ පොලිස් සැරයන්වරයෙකු ඊයේ (6 වැනිදා) අලුයම 5.20ට පමණ තම රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන ඇත.
උසස් පොලිස් නිලධාරියෙකු පැවසූ පරිදි, මෙම සැරයන්වරයා රාජකාරී අවස්ථාවේදී මෙලෙස සියදිවි නසාගෙන ඇත.
පසුගිය වසරේදී ඔහුගේ බිරිඳ පිළිකාවකින් මිය ගොස් තිබෙන බවද වාර්තා වේ.
ඉකුත් 5 වැනිදා රාත්‍රියේ පදියතලාව පොලිස් ස්ථානයේ රාජකාරී සඳහා යොදවා තිබූ මෙම නිලධාරියා, තමාගේ ඇස් දෙකේ පෙනීම අඩු බව පවසා පොලිස් ස්ථානයේ ඉදිරිපස මුරකුටියේ රාජකාරී කිරීමට ඉල්ලීමක් කර ඇත. ඒ අනුව මුරකුටියේ රාජකාරී කටයුතු කරමින් සිටියදී, අලුයම මුරකුටිය තුළදීම තම රාජකාරී ගිනි අවියෙන් නිකට ප්‍රදේශයට වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන ඇත.
මෙම පොලිස් සැරයන්වරයා ලබන වසරේ විශ්‍රාම යාමට නියමිතව සිටි බවද වාර්තා වේ. ඔහු බිබිල, දියකොබල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, දරුවන් තිදෙනෙකුගේ පියෙකි.
Comments
Post a Comment
Your comment will be visible after approval