
කිරිබත්ගොඩ නගරයේ ඉදිකිරීමට රජයට පවරා ගෙන තිබූ ඉඩමකට කූට ලේඛන සකස් කිරීම සම්බන්ධව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් හය දෙනා අතුරින් හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර හා හිටපු ඇමැති මර්වින් සිල්වාගේ එවකට පාර්ලිමේන්තු කටයුතු හිටපු ලේකම් දොන් සරත් කුමාර එදිරිසිංහ නොහොත් සිංගප්පූරු සරත් යන දෙදෙනාට
ඇප ලබා ගැනීම සදහා ඉදිර්පත් කර තිබූ ඇප අයැදුම්පත් දෙක ප්‍රතික්ෂේප කළ මහර අංක 01 අධිකරණයේ මහෙස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය සැකකරුවන් හය දෙනා තවදුරටත් ලබන ජුනි මස 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට ඊයේ (26දා) නියම කළාය. නඩුව ඊයේ (26දා) පස්වරුවේ නැවත කාඳ වූ අවස්ථාවේ දෙවැනි සැකකාර හිටපු ඇමැති මර්වින් සිල්වා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතීඥ මෛත්‍රී ගුණරත්න මහතා විසින් තම සේවාදායකයාට ඇප ලබා ගැනීම සඳහා දෙවැනි වරටත් ඉදිරිපත් කරන ලද ඇප අයැදුම්පත සම්බන්ධව නියෝගයද එදිනට එනම් ජුනි මස 09 වැනි දිනට ප්‍රකාශ කරන බවද සදහන් කරන ලදී.මීට ඉහත පැවති නඩු දිනයේදී හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර හා හිටපු ඇමැති මර්වින් සිල්වාගේ එවකට පාර්ලිමේන්තු කටයුතු හිටපු ලේකම් දොන් සරත් කුමාර එදිරිසිංහ නොහොත් සිංගප්පූරු සරත් යන දෙදෙනාට ඇප ලබා දෙන ලෙසට ඉල්ලමින් ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් වන අම්ල පල්ලියගුරු හා දේශාල් පෝල් යන මහත්වරුන් විසින් ඉදිරිපත් කරන ලද ඇප අයැදුම්පත් දෙක සම්බන්ධව නියෝගය ඊයේ (26දා) ලබා දෙන බවට මහෙස්ත්‍රාත්වරිය විසින් කර තිබූ ප්‍රකාශය අනුව ඔවුන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් එම නියෝගය ලබා දෙනු ලැබුවාය.
මේ අනුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ඇමැති මර්වින් සිල්වා, හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර, කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු උපභාපති වෛද්‍ය ජයන්ත සිංහබාහු කබ්රාල්, එහි හිටපු මන්ත්‍රී මිල්ටෝයි පෙරේරා, හිටපු ඇමැති මර්වින් සිල්වාගේ එවකට පාර්ලිමේන්තු කටයුතු හිටපු ලේකම් දො සරත් කුමාර එදිරිසිංහ නොහොත් සිංගප්පූරු සරත් හා නවීන් වීරකෝන් යන හය දෙනා මෙසේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කළහ.මේ දින සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර නොතිබූ අතර ඔවුන් ස්කයිප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කර ගැනිණි.
ඔවුනට නියෝගය බන්ධනාගාරය මඟින් දන්වන බවද මහෙස්ත්‍රාත්වරිය කීවාය.
මෙ හි දී අපරාධ පක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය අපරාධ විමර්ශන අංශයේ පොලිස් සැරයන් ප්‍රියන්ත ඩෙන්සිල් මහතා විසින් අධිකරණයට කරුණු දක්වමින් මෙසේ පැවැසීය.'මේ නඩුවට සොයමින් සිටි හයවැනි සැකකාර කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී මිල්රෝයි පෙරේරා යන අය ඉකුත් 20 වැනිදා අධිකරණයට භාර වීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඔහුගේ ප්‍රකාශයක් ලබා ගෙන එය නීතිපතිට යැවීමට තිබෙනවා. ඒ නිසා ඔහුගේ ප්‍රකාශයක් බන්ධනාගාරය තුළදී ලබා ගැනීමට බන්ධනාගාර අධිකාරිවරයාට නියෝගයක් ලබා දෙන ලෙසට ඉල්ලා සිටිනවා. තවද මේ නඩුවට අදාළ සැකකරුවන් වර්න් වර අත්අඩංගුවට ගැනීම සිදු වුණා. ඒ වගේම වරින් වර සැකකරුවන් අධිකරණයට භාරවුණා. ඒ හේතුවෙන් එම සැකකරුවන්ගේ ප්‍රකාශ වරින් වර ලබා ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට සිදුවුණා."
දෙවැනි සැකකාර හිටපු ඇමැති මර්වින් සිල්වා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතීඥ මෛත්‍රී ගුණරත්න මහතා විසින්
අධිකරණයට කරුණු දක්වමින් මෙසේ කීය. තම සේවාදායකයාගේ සෞඛ්‍ය තත්ත්වය දිනෙන් දිනම දුර්වල වෙමින් පවතිනවා. ඒ නිසා ඔහුගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව සලකා බලා කටයුතු කරන ලෙසට බන්ධනාගාර වෛද්‍යවරයාගේ අවධානය යොමු කරවන ලෙසට ද ඉල්ලා සිටිනවා. සැකකරුවන්ගේ ප්‍රකාශ සටහන් කොට නොපමාව නෛතික පියවර ගැනීම සදහා ඉදිරිපත් කරන්නට කියලා නීතිපති, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා තිබුණා. එම ප්‍රකාශ ලබා දීමෙන් පසුව සැකකරුවන් පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. නමුත් පොදු දේපළ පනතේ නඩුවක් අප්‍රමාදිව කාලය ඇදී යනවා නම් අධිකරණය ඇප ලබා දීම ගැන අවධානය යොමු කරන ලෙසට ප්‍රකාශ කර තිබෙනවා.
(කේ. දුමින්ද)
Comments
Post a Comment
Your comment will be visible after approval