
ක්‍රීඩා අමාත්‍යාංශයට අයත් සුඛෝභෝගී වෑන් රථයක් නිසි අවසරයකින් තොරව රැගෙන ගොස් පරිහරණය කළ බව කියන රියැදුරෙකු ඊයේ (26) අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය කියයි.ක්‍රීඩා අමාත්‍යාංශයේ ප්‍රවාහන අංශයෙන් ලද පැමිණිල්ලකට අනුව සැකකාර රියැදුරා අත්අඩංගුවට ගෙන ඇත.ඉකුත් වෙසක් පොහෝ දින
සැකකාර රියැදුරු ක්‍රීඩා අමාත්‍යාංශය වෙත පැමිණ සුඛෝපභෝගී වෑන් රථය ලබාගෙන එහි ආරක්ෂක නිලධාරියා වෙත ව්‍යාජ තොරතුරු ලබාදී රාජකාරි ගමනක් යන බව පවසා වැන් රථය පිටතට රැගෙන ගොස් තිබූ බව පොලිසිය කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.එලෙස රැගෙන ගොස් තිබූ වෑන් රථය දින දෙකකට පසු හොර රහසේම නැවතත් ගෙනැවිත් දමා සැකකරු පිටව යාමෙන් අනතුරුව ඊයේ (26) සේවයට පැමිණ ඇති බවට අනාවරණය වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.මෙය කිසියම් අපරාධයක් සඳහා යොදා ගත්තාද? එසේ නොමැති නම් සැකකරු මුදලට කුලී ගමන් සඳහා යොදා ගත්තාද ? යන්න සොයා පැති කීපයක් ඔස්සේ විමර්ශන සිදු කිරීමට නියමිතය. අත්අඩංගුවට ගත් සැකකරු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.කුරුඳුවත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආලෝක බණ්ඩාර සේනානායක මහතාගේ උපදෙස් මත විමර්ශන සිදු කෙරේ.
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
Comments
Post a Comment
Your comment will be visible after approval