gossiplanka image 1

 අපරාධකරුවන් කෙතරම් සූක්ෂ්ම ලෙස අපරාධ සිදු කළද ඔවුන්ගේ කිසියම් දුර්වලතාවක් මත පොලිසියට කොටුවන පුද්ගලයන් නිසා සූක්ෂ්ම ලෙස සිදු කෙරෙද . බොහෝමයක් අපරාධ සොයා ගැනීමට පොලිස් නිලධාරීන්ට එතරම් අපහසු නැත. නිලධාරීන්ගේ උකුසු ඇස් සහ සැකයන් මත සිදු කෙරෙන විමර්ශනවලදී මෙලෙස අනාවරණය කරගත් අපරාධ රැසක් පොලිස් පොත්වල සටහන් වී ඇත.ඉකුත්දා මෙවන් සිදුවීමක් හලාවත

තොඩුවාව පොලිසියෙන්ද වාර්තා විය. ඒ මාර්ගයේ රාජකාරි කරමින් සිටි පොලිස් සැරයන්වරයකුගේ උකුසු ඇස් සහ සැකය නිසා සිදුකළ විමර්ශනයක් නිසා සැඟවුණු තවත් අපරාධයක සුලමුල මෙසේ අනාවරණය කර ගැනීමට නිලධාරීන්ට හැකිවීමය. ඉකුත් 23 වැනිදා රාත්‍රියේ තොඩුවාව පොලිසියේ සැරයන්වරුන් දෙදෙනකු වූ හෙට්ටිආරච්චි (29939) සහ මාරසිංහ (58364) තොඩුවාව ඉහළ මහවැව පන්සල් හන්දියේ යතුරුපැදි සංචාරයක නිරත වෙමින් මාර්ගයේ ධාවනය වන සැකසහිත වාහන සෝදිසි කිර්මේ යෙදී සිටියහ. මෙම අවස්ථාවේදී එතැනින් ගමන්ගත් ත්‍රි රෝද රියක් ගැන මෙම නිලධාරීන් දෙදෙනාට ඇති වූයේ සැකයක්ය. ඔවුන් වහා ඉදිරියට පැමිණ රථය නතර කරන්නට අණ දීමත් සමඟ රථයද නතර කෙරිණි. නිලධාරියකු රථයේ රියැදුරාගෙන් ලයිසන් ඉන්ෂුවරන්ස් ඉල්ලා සිටියේ "කොහෙද යන්නේ" යැයි විමසමින්ය. ඒ අතර අනෙක් සැරයන්වරයාට රථයේ පිටුපස අසුනේ සිටි තැනැත්තාගේ උකුළ මත කළු පැහැති ගමන් මල්ලක් තබාගෙන සිටින බව පෙණිනි.


"මොනවද මේකෙ තියෙන්නේ' එසේ කියමින් ඔහු එම බැගය පක්ෂා කරන්නට යුහුසුලු විය. ඒ එම බෑගය තුළ "කසිප්පු" හෝ වෙන නීති විරෝධී ද්‍රව්‍යයක් ඇති බව සිතමින්ය. එම බෑගය පර්ක්ෂා කරද්දී එම නිලධාරියා දුටුවේ එහි මුදල් නෝට්ටු මිටි කිහිපයක් ඇති බවය. ඒ සමඟම ඔහුට කිසියම් සැකයක් ඇති විය. ඔහු සිය සගයාටද ඒ බව කියා ඔවුන්ගෙන් එම මුදල් කුමක්දැයි ප්‍රශ්න කරන්නට වුවද රථයේ සිටිය යැදුරාගෙන් සහ අනෙකාගෙන් සාර්ථක පිළිතුරක් ලැබුණේ නැත."




"මුන්ව අරන් යමු පොලිසියට'' එක් නිලධාරියකු කී දේ අනෙක් සැරයන්වරයාද තහවුරු කළේය. ඒ සමඟ ත්‍රිරෝද රථයේ සිටි දෙදෙනාට මාංචු වැටිණි.


"සර් එහෙම කරන්න එපා. සර්ලාට ලක්ෂ පහ ගාණෙ දෙන්නම් අපිව යවන්න. අපි මේ සල්ලි එක්කෙනකුට දෙන්නයි යන්නේ" සැකකරුවකු කීය. එහෙත් මෙතරම් විශාල මුදලක් රැගෙන යෑම ගැන නිලධාහු සැක සිතූහ. ත්‍රිරෝද රියැදුරා සහ අනෙකාද සමඟ නිලධාරීන්ද ත්‍රිරෝද රිය සමඟින් තොඩවාව පොලිසියට ගියේ ඉන්පසුවය. සිද්ධිය ස්ථානාධිපති රණවීරටද දැනුම්දීමත් සමඟ සෙසු නිලධාරීර්න් ඉදිරියේ ත්‍රිරෝද රියේ තිබූ මුදල් බෑගය විවර කෙරිණි. ඒ රුපියල් පන්දාහේ, දාහේ, පන්සීයයේ, සීයයේ, පනහේ නෝට්ටු බණ්ඩල් විය. වහා මේ බව හලාවත කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් පෙරේරා වෙත දැනුම් දීමට පොලිස් පරීක්ෂක රණවීර ක්‍රියා කළේය. එම දැනුම්දීම මත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාත් සහකාර පොලිස් අධිකාර්වරයාත් තොඩුවාව පොලිසියට පැමිණ මුදල් සහිත බෑගය පක්ෂා කළහ. එහි රුපියල් ලක්ෂ 180ක මුදලක් තිබිණි.


"කොහෙන්ද උඹලට මේ සල්ලි..." නිලධාහු සැකකරුවන්ගෙන් විමසූහ. මේ මුදල් මත්කුඩු ජාවාරමකින් උපයන ලද මුදල් බවට නිලධාරීර්න් තුළ සැකයක් ඇති විය. නිලධාරීර්න් ඒ ඔස්සේ සැකකරුවන් දෙදෙනාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් මෙම මුදල් තොගය රැගෙන යන්නේ කුමකටද? කාට දෙන්නටදැයි විමසුවේය. ඒ සැකකරුවන් දෙදෙනා දෙපැත්තට කරමින්ය. එහිදී ඔවුන් අනාවරණය කරන්නේ එම මුදල් තොගය

තොඩුවාවේ පදිංචි අයකුට ලබාදීමට රැගෙන යන බවය. වැඩිදුරටත් කළ ප්‍රශ්න කිරීමේදී එම පුද්ගලයා බහුදින යාත්‍රාවක ස්කීපර්වරයකු බව නිලධාරීහු හඳුනා ගත්හ.

වහා ක්‍රියාත්මක වූ පොලිස් පරීක්ෂක රණවීර ඇතුළු කණ්ඩායමක් ඉන් අනතුරුව බෝට්ටු ස්කීපර්වරයා පදිංචි ඉහළ මහවැව නිවෙසට ගියහ. ඒ ස්කීපර්වරයා අල්ලා ගැනීම සඳහාය. පොලිස් කණ්ඩායම නිවෙසට පැමිණෙන තුරු ස්කීපර්වරයා ඒ බව දැන සිටියේ නැත. ඔහු සිටියේ ඔහුට ගෙවිය යුතු මුදල ත්‍රීවීලරයෙන් රැගෙන එන තුරුය. එම මුදල්වල තව කොටස්කරුවන් දෙතුන්දෙනකුද ස්කීපර්වරයාගේ නිවෙස අවට රැඳී සිටියහ. සමහර දෙනා ස්කීපර්වරයාගේ ඥාතීහු වූහ. පොලිසිය දුටු ඔවුන් වහා එතැනින් පලාගියේය. එක් අයකු මුදල් කොටස රැගෙන යෑමට පැමිණ සිටියේ බිරියද සමඟය. එම පුද්ගලයාද මෙම ජාවාරමේ මහ මොළකරුගේ සමීපතමයෙක් බව පොලිසිය කීය. පොලිසිය දුටු ඔහු පලා ගියේ  ියවද එතැන දමාය.




නිලධාරීන් ස්කීපර්වරයා අත්අඩංගුවට ගත්තේය. ඊට අමතරව එතැන සිටි කාන්තාවන් දෙදෙනකුද පොලිස් කණ්ඩායමට කොටු විය. එක් කාන්තාවක් ස්කීපර්වරයාගේ ඥාති කාන්තාවක් වූවාය. ඔවුන් අත්අඩංගුවට ගැනුණේ ආධාර අනුබලදීම යටතේය.

ස්කීපර් ඇතුළු අත්අඩංගුවට ගත් පිරිස තොඩුවාව පොලිසියට රැගෙන ගිය නිලධාහු ඔවුන්ගෙන් ප්‍රශ්න කරන්නට විය. මූලික ප්‍රශ්න කිර්ම සිදු කෙරුණේ ස්කීපර්වරයා සමඟය. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී තවත් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක සුලමුල හෙළි වන්නට විය. ඒ අනුව අනාවරණය වන්නේ මෙවන් කරුණු කාරණාය.


මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ මහ මොළකරු සිටින්නේ ඩුබායි රාජ්‍යයේය. ඔහුගේ මෙරට සිටින සොහොයුරකුගේ මාර්ගයෙන් මෙම ජාවාරම සිදුකර තිබිණි. ඒ අනුව විදේශගතව සිටින මහ මොළකරු විසින් දෙනු ලබන උපදෙස් මත ඉකුත් අප්‍රේල් මස 30 වැනිදා මසුන් ඇල්ලීමේ මුවාවෙන් බහුදින ධීවර යාත්‍රාවක් වෙන්නප්පුව ධීවර වරායෙන් මහ සයුර වෙත පිටත්වී ගියේය. ස්කීපර්වරයා සමඟ එහි හය දෙනකු වූහ. මෙලෙස මොවුන් ගියේ දින ගණනාවකට අවශ්‍ය ඉන්ධන සහ ආහාරද රැගෙනය. මෙරට මුහුදු සීමාවෙන් කිලෝමීටර් 1,000ක දුර ගිය තැන මෙම පිරිසට තවත් යාත්‍රාවකින් පැමිණි විදෙස් ජාතිකයන් දෙදෙනකු මත්ද්‍රව්‍ය කිලෝ 347ක් අඩංගු උර 13ක් ලබාදී ඇත. මෙම ගනුදෙනුව සඳහා මෙරටින්...


ගිය බහුදින ධීවර යාත්‍රාවේ ස්කීපර්වරයාට සැටලයිට් දුරකථනයක් ලබාදී තිබිණි. සියල්ල කතාබස් කෙරෙන්නේ එම දුරකථනය හරහාය.


"උඹලා එකෙක්ට ලක්ෂ 30 ගාණේ දෙනවා. බෝට්ටුවට වෙනම සල්ලි දෙනවා. මේ බඩු ටික අරන් බේරුවලට පලයන්, එතැනදී තවත් බෝට්ටුවක් ඇවිල්ලා උඹලගේ බඩු ටික අරගෙන යාව්. උඹලා ඉන් පස්සේ ගෙවල්වලට පලයල්ලා. ගෙදරටම උඹලගේ කොටහ ගෙනත් දේවි..."


ඩුබායි සිට ලැබෙන ඇමතුමෙන් පැවැසෙන්නේ මෙවැන්නකි. ඒ අනුව විදෙස් ජාතික මුස්ලිම්වරුන් දෙදෙනකු විසින් මහ සයුරේදී තවත් යාත්‍රාවකින් ලබාදෙනු ලබන මත්ද්‍රව්‍ය උර 13ද බහුදින ධීවර යාත්‍රාවට පටවා ගන්නා මෙම පිරිස ඊළඟට පැමිණ ඇත්තේ දුන් උපදෙස්වලට අනුව දකුණේ බේරුවල ආසන්න මුහුදටය. එලෙස පැමිණෙන මෙම බහුදින ධීවර යාත්‍රාව බේරුවල ආසන්න මුහුදේදී මුණගැහෙන තවත් යාත්‍රාවක සිටි පිරිසක් විසින් මෙලෙස ගෙනෙන ලද මත්ද්‍රව්‍ය තොගය ලබාගෙන බහුදින යාත්‍රාව මුදාහැර ඇත. ඒ ඉකුත් මැයි 19 වැනිදා බව කියැවේ. පසුව ස්කීපර්වරයා ඇතුළු 6 දෙනා මීගමුවට පැමිණ එතැනින් සමුගෙන සිය නිවෙස්වලට ගොස් තිබේ.


එතැන් පටන් ඔවුන් නිවෙස්වල රැඳී සිට ඇත්තේ බෝට්ටු ගමන සඳහා ලබාදුන් පොරොන්දු වූ මුදල රැගෙන එන තුරුය. ඒ අතර මොවුහු ඩුබායි රාජ්‍යයේ සිටි මහ මොළකරු සහ ඔහුගේ සහෝදරයා සමඟ දුරකථනයෙන් සම්බන්ධ වී කතාබස් කරමින් සිට ඇතැයි කියති.


"වැඩේ නියමෙට කෙරුණා. උඹල හය දෙනාට ලක්ෂ 30 ගාණේ ලක්ෂ 180ක් 22 වැනිදා රෑට මම එවනවා. බයවෙන්න එපා. කිව්වා වගේ වැඩේ කරනවා. බෝට්ටුවේ සල්ලි වෙනමම දෙනවා"


ඩුබායි සිට ලැබෙන එම ඇමතුම ස්කීපර්වරයා ඇතුළු සෙසු පුද්ගලයන්ට දන්වන අතර එම මුදල් කොටස් ලබා ගැනීම සඳහා ස්කීපර්වරයා සිය නිවෙසට වී සිටියදී ඉකුත් 22 වැනිදා රාත්‍රියේම මෙලෙස කොටු වී තිබේ.


මේ අතර අත්අඩංගුවට ගත් ත්‍රිරෝද රියැදුරා සහ ඔහුගේ සගයාගෙන් කළ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී ඔවුන් පවසා ඇත්තේ මීගමුවේදී මෙම මුදල් ඔවුන් වෙත ලබාදුන් බවකි. මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන් මෙම රුපියල් ලක්ෂ 180 සහිත බෑගය තොඩුවාව, මහවැව පදිංචි ස්කීපර්වරයාගේ නිවෙසට රැගෙන ගොස් ඔහුට ලබාදෙන ලෙස පැවැසූ බවත් ඒ අනුව තමන් ත්‍රිරෝද රථයේ මුදල් රැගෙන පැමිණි බවත් ඔවුන් පවසා තිබේ. විමර්ශන නිලධාරීර්න් පවසන්නේ මුදල් රැගෙන පැමිණි ත්‍රිරෝද රිය හයර් එකට පැමිණ ඇති බව අනාවරණය වූ අතර රථයේ මුදල් රැගෙන පැමිණි පුද්ගලයාට ජාවාරම්කරුවන් විසින් රුපියල් ලක්ෂ 5ක් ලබාදීමට එකඟව සිට ඇති බවත්ය.


මෙම අත්අඩංගුවට ගැනීමත් සමඟ තවත් මහා පරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරමක සුලමුල අනාවරණය කර ගැනීමට නිලධාරීන්ට හැකිව තිබේ. ඒ තොඩුවාව පොලිසියේ සැරයන්වරුන්ගේ විධිමත් ක්‍රියා කලාපය හේතුවෙනි.

ඒ සම්බන්ධයෙන් දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාර් රොහාන් පෙරේරා ඇතුළු කණ්ඩායමක්ද එම නිලධාරීන් දෙදෙනා මහත්සේ පැසසුමට ලක්කෙරිණි.


ඔවුන්ගෙන් එක් නිලධාරියකු සිද්ධිය සම්බන්ධයෙන් කීවේ මෙවැන්නකි.


""23 වැනිදා 10.05ට විතර ඇති. එදා අපේ ඩී.අයි.ජී. මහත්තයාගේ උපදෙස් මත බීමත් රියැදුරන් අත්අඩංගුවට ගන්න මෙහෙයුමක් තිබුණා. අපි ඒකට පන්සල් පාරේ අතුරු පාරේ තුස්මංහන්දියේ වාහන චෙක් කරන කොට ටවුම පැත්තේ ඉඳන් ත්‍රීවීලරයක් ආවා. අපි නැවැත්තුවා. ප්‍රශ්න කළා.


මීගමුවේ කිව්වා. යාළුවෙක්ගෙ ගෙදර යනවා කිව්වා. පිටිපස්සේ හිටිය කෙනාගේ උකුළ උඩ බෑග් එකක් තිබ්බා. මොනවද බැග් එකේ කිව්වා. උත්තර දුන්නේ නැහැ. තුන් පාරක් ඇහැව්වා. ඒත් උත්තර දුන්නේ නැහැ. බෑග් එක චෙක් කළාම සල්ලි තිබ්බා. බෑග් එකේ එච්චර සල්ලි තිබුණු නිසා අපිට සැකයක් ඇති වුණා. අපි වැඩබලන ස්ථානාධිපතිවරයාට දන්වලා ඒ අය අත්අඩංගුවට අරන් පොලිසියට අරන් ගියා. ඒ වෙලාවේ ත්‍රීවීල් එකේ හිටිය පුද්ගලයාට ආපු කෝල් එකක් පස්සේ ගිහින් ඉදිරි විමර්ශන සිදුකළා. සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකාරියන් දෙදෙනකු සහ සැකකරුවන් 6 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සිදුකළ පුද්ගලයන් 6 දෙනාගෙන් සිවුදෙනකු ප්‍රදේශ අතහැර පලාගොස් ඇති බවත් ඔවුන් අද හෙටම අත්අඩංගුවට ගන්නා බවත් විමර්ශන නිලධාහු පවසති.


මේ අතර ත්‍රිරෝද ඊයේ මුදල් ලක්ෂ 180 රැගෙන පැමිණෙන පුද්ගලයා නියමිත ආකාරයට එම මුදල ස්කීපර්වරයාගේ නිවෙසට රැගෙන යන්නේද ඒ අතරතුර ගමන් මාර්ගයේ ඔත්තු බැලීම සඳහා පුද්ගලයන් දෙදෙනකු යතුරුපැදියකින් ගමන් ගත් බවටද විමර්ශන නිලධාර්න් අනාවරණය කරගෙන ඇත. ඒ ඔස්සේ කළ පරීක්ෂණයෙන් පසු එලෙස පැමිණි එක් ඔත්තුකරුවක යතුරුපැදියද සමඟ අත්අඩංගුවට ගැනීමටද නිලධාරීන්ට හැකි වී තිබේ. අත්අඩංගුවට ගත් අය අතර ස්කීපර්වරයාගේ සගයකු වන බවද පොලිසිය කියයි.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී හලාවත කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් පෙරේරා කීවේ මෙම පොලිස් සැරයන්වරුන්ගේ ක්‍රියාකලාපය ඉතා අගය කරන බවත් ඒ සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාද දැනුවත්කොට ඔවුන්ට පොලිස්පති ප්‍රශංසාව හා ත්‍යාග මුදල් ලබාදීමට කටයුතු කරන බවය. සැකකාරියන් සහ සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිතය. ඔවුන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදෙනු ඇත.
(කීර්ති මෙන්ඩිස් -මව්බිම)