දේශීය ඖෂධ සැපයුම්කරුවන් නිසි පරිදී ඖෂධ ලබා දෙන්නට කටයුතු නොකරන්නේ නම් රජය මැදිහත් වී ක්ෂණිකව රටට අවශ්‍ය සියලුම ඖෂධ ගෙන්වීමට තීරණය කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.රට තුළ පවතින සමහර ඖෂධවල හිඟයට හේතුව ගෙවුණු 2024 වසරේ නියමිත පරිදි නියමිත කාලසීමාව තුළ ඖෂධ මිලදී ගැනීම සම්බන්ධව තීන්දු තීරණ නිසියාකාරව නොගැනීම බව ඒ මහතා
පැවැසීය.කොළඹ පැවැති උත්සවයකදි ඒ් මහතා මෙසේද කීය.එයට හොඳම උදාහරණයක් ලෙස 2025 මෙම වර්ෂයට අදාළව ඖෂධ මිලදී ගැනීම සඳහා 2024 වසරේ පළ වැනි මාස පහේදීම ටෙන්ඩර් කර ඇත්තේ ඖෂධ වර්ග 6ක් සඳහා පමණක් වීමම ඉතා පැහැදිලි කරුණක් යැයිද හෙතෙම කීය.පසුගිය වසර කිහිපයක් තුළ ප්‍රම්පාදන ක්‍රියාවලිය අතරමඟ නවත්වා තිබුතූ ඖෂධ වර්ග 233ක් සඳහා ටෙන්ඩර් මේ වන විට ලබාදී තිබෙන බවත් 2025 මෙම වසරේ පළමු මාස 5 තුළදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඖෂධ වර්ග 233ක් සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවසන් කර තිබෙන බවද ඒ මහතා පැවැසීය.
රජයේ රෝහල් පද්ධතිය තුළ භාවිත කරන ඖෂධවලින් සියයට 65ක් මෙරටට ආනයනය කරන ඖෂධ වන බවත් එමෙන්ම සියයට 35ක් ශ්‍රී ලංකාව තුළ ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කරන බවත් ඖෂධ සැපයීමේ ක්‍රියාවලියට ආරම්භක අවස්ථාවේ සිට ඖෂධ ලබාගෙන බෙදාහැරීම දක්වා මාස 09ක පමණ දීර්ඝ කාලයක් ගත වන අතිශය සංකීර්ණ කාර්යයක් බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
මෙය සංකීර්ණ ක්‍රියාවලියක්. ඒකට යම් කාලයක් ගත වනවා. 2026 ලබන වසර සඳහා කොළඹ පැවැති උත්සවයකදී ඒ මහතා මෙසේද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මඟින් ඖෂධ වර්ග 450ක සැපයිය යුතුව ඇති බවද හෙතෙම කීය.ඒ 450 න් 435කට අදාළ ප්‍රෞන්ඩර් කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවත් එයින් 418කම ප්‍රසම්පාදන ක්‍රියාවලිය දැනටමත් අවසන් බවත් එයින් ඖෂධ වර්ග 325ක් අවශ්‍ය ඇගයීම් කටයුතු සඳහාත් යොමුකර අවසන්ව ඇති බවද ඔහු කීය.අප මේ දිනවල දී ලංකාවේ නිධි ජවය විධිමත්ව සහ අණ්ඩුව පවත්වා ගැනීම සඳහා ක්‍රියාමාර්ග රාශියක් ගෙන ඇති බවත් විශේෂයෙන්ම මෙරට බටහිර ඖනිෂ්පාදනය කරන සමාගම්
සහ ඖෂධ ආනයනය කරන සමාගම් සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා මේ වන විට ආරම්භ කළ බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
වැඩිදුරටත් අදහස් දක්වන ඇමැතිවරයා කීවේ,මෙහිදී ඇති වී ඇති තත්ත්වය පිළිබඳව අපි ඔවුන්ට මෙම තත්ත්වය පැහැදිලි කළා. ඒ වගේම ඔවුනට ඉලක්කයක් ලබා දුන්නා. යම් කාලසීමාවක් තුළ සැපයිය හැකි සහ නිෂ්පාදනය කළ හැකි ඖෂධ වර්ග මොනවද කියලා අප වෙත දැනුම් දෙන ලෙස.එම ඉලක්ක සම්පුර්ණ කිරීමට ඔවුන් අ පොහොසත් වුවහොත් සෞඛ්‍ය අමාත්‍යාංශයට රාජ්‍යයන් සමඟ සාකච්ඡා කරඖෂධ ගෙන්වීමේ ක්‍රියාවලියක් සකස් කිරීමට සිදුවන බවද ඔහු කීය.
Comments
Post a Comment
Your comment will be visible after approval